Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රේණිගත වටයේදී ශ්‍රී ලංකාව එල්ලෙයි

ශ්‍රේණිගත වටයේදී ශ්‍රී ලංකාව එල්ලෙයි

editorial - 2022 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නාමල් පතිරගේ)

චීනයේ ‘හන්ජෝ’ නුවරදී පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ.  ඒ ‘බැංකොක්’ නුවරදී නිමාවට පත්වූ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී පස්වැනි ස්ථානයට පත්වීමෙනි.

ශ්‍රේණිගත තරග වටයේදී හොං කොං රාජ්‍යය ගෝල 5-2 කට පරාජය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ පස්වැනි ස්ථානය ලැබීය. එය ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබාගැනීමට අවම සුදුසුකමක් වූයේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති සුදුසුකම් තේරීමේ තරග වටයෙන් කණ්ඩායම් හයක්ම ඊට තෝරාගත් බැවිනි. රටවල් නවයක් ඊට එක්ව සිටියහ.

ඒ අනුව තරගාවලිය ජයගත් ඕමානය, අනුශූරතාව ලද බංග්ලාදේශය ඇතුළුව සත්කාරක තායිලන්තය, උස්බෙකිස්ථානය, ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටිති.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා හොකී (පිරිමි) කණ්ඩායම දස්කම්හි යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. ශ්‍රේණිගත තරගයකදී උස්බෙකිස්තානය සමග තරගය ජය පරාජයෙන් තොරව (3-3) අවසන් කිරීමටද ශ්‍රී ලංකාව සමත් විය.

මූලික වටයේදී ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව ගෝල 5-2 කට පරාජය කළත් එහිදී තවත් තරග දෙකකදී බංග්ලාදේශයට ගෝල 3-1 ක් ලෙසත් ඉන්දුනීසියාවට ගෝල 3-1ක් ලෙසත් ශ්‍රී ලංකාව පරාජය විය.

තරගාවලිය පුරා ගෝල හතක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ විපුල් වර්ණකුල වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබීය.

සුදුසුකම් තේරීමේ තරග වටයේ අවසන් මහ තරගයේදී ඕමානය විසින් ගෝල 6-2 කට බංග්ලාදේශය පරාජය කරන ලදී.

දින 10ක් පුරා ‘බැංකොක්’ නුවරදී පැවති මෙම තරගාවලිය ඉරිදා (15) නිමාවට පත්විය. අවසන් වරට පැවති 2018 (ජකර්තා) ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාව අටවැනි ස්ථානය ලැබීය. ජපානය ජකර්තා 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමයි.

 


බැංකොක් සුදුසුකම් තරග වටයෙන් 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබාගත් ශ්‍රී ලංකා හොකී (පිරිමි) කණ්ඩායම.

 


අදහස් (0)

ශ්‍රේණිගත වටයේදී ශ්‍රී ලංකාව එල්ලෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.