
(රජන්ත බමුණුකොටුව)
පසුගියදා මැලේසියාවේදී නිමාවූ 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක් සමගින් පදක්කම් 9 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 7දෙනෙක් සමත්වූහ.
එන්.එස්.බී.එම්. හරිත සරසවියේ කාන්තා ෆිඩේ මාස්ටර් කේ. එම්. දහම්දි සනුදුලා වයස අවුරුදු 20න් පහළ බාලිකා සම්මත සහ වයස අවුරුදු 20න් පහළ බාලිකා අධිවේගී ඉසව් දෙකෙන්ම රන් පදක්කම් 2 ක් දිනාගත්තාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආධුනික මාස්ටර් ඒ. පී. චෙනිත සිහස් දින්සර කරුණාසේන වයස අවුරුදු 10න් පහළ විවෘත සම්මත ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලන විසින් සංවිධානය කරන ලද මෙම ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 24 දෙනෙක් එක්වූහ.
කොළඹ රාජකීය විද්‍යාලයේ 12 හැවිරිදි ආධුනික මාස්ටර් විනුක ඩිහේන් විජේරත්න වයස අවුරුදු 18න් පහළ විවෘත අධිවේගී ඉසව්වේදී රිදී පදක්කම සහ වයස අවුරුදු 12න් පහළ සම්මත ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.
ජාත්‍යන්තර චෙස් තරග බිමේ ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන් ඉහළ දස්කම් දැක්වූ අවස්ථාවක් බවට පත් වූ මෙම තරගාවලියේදී ටී. එච්. ඩී. තිසරිඳු ඉඳුවර (කොළඹ රාජකීය), බී. පී. චන්තුලි
තණිෂ්කා ද සිල්වා (නුගේගොඩ අනුලා), වී. ඩබ්ලිව්. ඒ. විනුද විද්මාල් වික්‍රමසිංහ (කළුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසල) සහ කෙවොන් දුල්කිත් බස්නායක (ගම්පහ සුමේධ) යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පදක්කම් දිනාගත්හ.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමේ ප්‍රධානී වශයෙන් සචිනි රණසිංහ කටයුතු කළාය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනි මහේෂිකා රූපසිංහ මහත්මිය ද නිලධාරිනියක ලෙසින් එත්ව සිටියාය.
රන් පදක්කම් (3)
රිදී පදක්කම් (4)
ලෝකඩ පදක්කම් (2)



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.