Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු අනුශූරතාව

ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු අනුශූරතාව

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

වසර පහකට පසු ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගැනීමට ශ්‍රී ලංකාව දැරූ උත්සහය අසාර්ථක කරමින් සිංගප්පූරුවේ දී අද (14) නිමාවට පත්වූ නව වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරයේ දී ශ්‍රී ලංකා පිල ලකුණු 59-41 ට පරාජය කිරීමට සිංගප්පූරුව සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග පිට පිට දෙවැනි වතාවටත් ආසියානු දැල්පන්දු කුසාලන දිනා ගැනීමට සිංගප්පූරුව සමත් විය.

අවසන් වරට වසර 2012 කොළඹ දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන අහිමි වූයේ සිංගප්පූරුවට එක ලකුණකින් පරාජය වීම නිසාය. ඒ අනුව අද තරගයේ පරාජය ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලියක අවසන් තරගයකදී ශ්‍රී ලංකාව ලද බරපතළම පරාජයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය වෙනුවට අතුරු කමිටුවක් ක‍්‍රියාත්මක වන අවධියක ලද මෙම පරාජය දල්පන්දු ක්ෂේත‍්‍රයේ දැඩි අවධානයට යොමුවී තිබේ.

සිංගප්පූරුවට එරෙහිව අද පැවැති අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටය ලකුණු 12-8 ක් ලෙස ජය ගැනීමට සමත් වුවත් සෙසු වට තුනේදීම දැක්වූ අනපේක්ෂිත දුර්වල තරග රටාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වැළඳ ගත්තේය. එහිදී ලකුණු 25-21, 16-10 සහ 18-10 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරග අවසන් කාර්තු තුනේදී දැඩි පසුබෑමකට ලක්විය.

පසුගිය තරගාවලියේ දී ශ්‍රී ලංකාව එක ලකුණකින් පරාජය වූ අවස්ථාවේදී ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටද විධාන කරනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියට සූදානම් වූයේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය. එහිදී පුහුණුවීම් සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයන් හමුවේ ජාතික දැල්පන්දු පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මිය ජාතික දැල්පන්දු සංචිතයේ සේවයෙන් ඉවත් කරනු ලැබුවාය.

ආසියානු දැල්පන්දු ශූරතාවලිය 1985 දී ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව සිව් වරක් එය ජයගෙන තිබේ. අවසන් වරට 2009 දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලකුණු 58-42 කින් හොංකොං පිල පරාජය කරන ලදී. සිංගප්පූරුව විසින් මලයාසියාව ලකුණු 46-29 කට පරාජය කරමින් දෙවැනි අවසන් පූර්ව තරගය ජය ගන්නා ලදී. මලයාසියාව හා හොංකොං අතර පැවැති මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ ජය අත්වූයේ ලකුණු 50-39 කටය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රධාන පුහුණුකරු තනතුර හිස්ව තබමින් ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි විය. කෙසේ වුවත් තාක්ෂණික විශේෂඥවරිය ලෙස හයිසින්ත් විජේසිංහ මහත්මියත්, පුහුණු උපදේශිකා ලෙස යසා රාමචන්ද්‍ර මහත්මියත්, සහය පුහුණුකරු ලෙස යමුනා සඳමාලි මහත්මියත් කටයුතු කළහ.

ශ්‍රී ලංකාවට මෙවර ආසියානු ශූරතාවලියේදීත් අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවුවත් වසර 2015 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවෙයි.ඒ ආසියානු ශූරතාවලියේ ශූරියන් හා අනුශූරියන් වන කණ්ඩායම් දෙකම ලෝක ශූරතාවලියට තෝරා ගන්නා බැවිනි.

ආසියානු අනුශූරතාලාභී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම හෙට (15) පෙරළා දිවයිනට ළඟාවීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා - සිංගප්පූරු ආසියානු දැල්පන්දු අවසන් මහා තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප : පාලිත ගුණසේන

 


අදහස් (2)

ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.