Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට 3-2 ක පරාජයක්

ශ්‍රී ලංකාවට 3-2 ක පරාජයක්

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ මාලේ නුවර සිට...)

මාලේ නුවරදී ඊයේ  (4 වැනිදා) රාත්‍රියේ  පැවති දකුණු ආසියානු පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාව නේපාලය හමුවේ ගෝල 3-2 ක පරාජයක් ලැබීය.

තරගයේ පළමු භාගයේදී ගෝල 1-0ක් ලෙස නේපාලය ඉදිරියෙන් සිටියේය. නේපාලය වෙනුවෙන් පළමු අර්ධයේ 33 වැනි විනාඩියේදී සුමන් ලාමා එම ගෝලය ලබාගත්තේය.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 6ක් ගත වන විට (51 වැනි විනාඩිය) අන්ජාන් බිස්ටා නේපාලය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 57 වැනි විනාඩියේදී යුරෝපය වෙනුවෙන් පාපන්දු  ක්‍රීඩාවේ යෙදුණු මර්වින් හැමිල්ටන් ගෝලයක් ලබාගත්තේය. අයුස් ගලාන් 86 වැනි විනාඩියේදී නේපාලයට තෙවැනි ගෝලය ලබාදුන්නේය. තරගය අවසන් වී   මෙන් පසු හතරවැනි අතිරේක විනාඩියේදී ශ්‍රී ලංකාව දඬුවම් පහරක් ප්‍රයෝජනයට ගනිමින්  දෙවැනි ගෝලය ලබාගත් අතර  ඒ ඩිලෝන් සෙනාල්ද සිල්වා මාර්ගයෙනි.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව මේ ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට ප්‍රවේශ වීමට අසීරු කටයුත්තක් වී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-2 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.