Last Update  :  2025-08-22 16:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව රන් පදක්කම් 15 න් 7 ක් තහවුරු කරගනී
දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් තරගාවලිය

ශ්‍රී ලංකාව රන් පදක්කම් 15 න් 7 ක් තහවුරු කරගනී

editorial - 2025 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ භූතාන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් මහ තරග ආරම්භ වීමටත් පෙරාතුව රන් පදක්කම් 15 න් 7 ක්ම ශ්‍රී ලංකාවට හිමිකර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති. 

ඒ අද (21 වැනිදා) පැවැති අවසන් පූර්ව තරග 30 න් 24 කට සහභාගි වී ඉන් තරග 22 ක්ම ජය ලබමිනි. ඒ අනුව තරගාවලියේ අවසන් මහ තරග 15 න් 7 කදීම රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් තරග වදින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. 

එම තරගවලින් 6 ක්ම කේවල අවසන් මහ තරග වන අතර එක් තරගයක් පමණක් යුගල අවසන් මහ තරගයකි. එහිදී කවුරුන් ජය ලැබුවද, කවුරුන් පරාජය වුවද ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 7 ක් හිමිවනු ඇත. 

සෙසු අවසන් මහ තරග 8 සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබා සිටින අතර එම තරගවලිදීද ශ්‍රී ලංකාවට තවත් රන් සහ රිදී පදක්කම් කිහිපයක් හිමිවනු ඇත. එම තරග 8 යුගල තරග වීමද තවත් විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක භූතානය සමගින් බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය මෙම තරගාවලියට එක්ව සිටියි. ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ඇතුළත්ව සිටිති. 

මෙම තරගාවලියේදී අවුරුදු 23 න් පහළ, 17 න් පහළ සහ 15 න් පහළ යන වයස් කාණ්ඩ 3 යටතේ කේවල, යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්වේ. මෙහි සියලුම අවසන් මහ තරග හෙට (22 වැනිදා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසිත චානක මහතා කටයුතු කරන අතර අමන්ද ලලීන්ද්‍ර වීරසිංහ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස තරගාවලියට එක්ව සිටියි. ක්‍රීඩිකාවන් බාර නිලධාරිණිය ලෙස හසලිකා මහත්මිය කටයුතු කරන්නීය. 


අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල

අවුරුදු 23 න් පහළ 
■ පිරිමි කේවල 
විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස ක්ෂිටිෂ් ඛනාල් (නේපාලය) පරාජය කරන ලදි. (21/12, 21/13) 
දුමිඳු අබේවික්‍රම විසින් වට 2-1 ක් ලෙස ප්‍රින්ස් දහාල් (නේපාලය) පරාජය කරන ලදි. (21/16, 15/21, 21/07) 

■ කාන්තා කේවල
රෂ්මි මුදලිගේ විසින් වට 2-0 ක් ලෙස අමාරා ඉෂ්ටියාක් (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/08, 21/10) රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස රාසිලා මහරාජන් (නේපාලය) පරාජය කරන ලදි. (21/10, 21/11) 

■ පිරිමි යුගල 
දුමිඳු අබේවික්‍රම සහ විරේන් නෙත්තසිංහ විසින් වට 2-0 ක් ලෙස මුහම්මද් අද්නාන් සහ රාජ හසන් මුතාලිබ් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/17, 21/18) 

■ කාන්තා යුගල
රනිත්මා ලියනගේ සහ රෂ්මි මුදලිගේ විසින් වට 2-0 ක් ලෙස අමාරා ඉෂ්ටියාක් සහ උමාමා උස්මාන් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/14, 21/13) 

■ මිශ්‍ර යුගල
මුහම්මද් අද්නාන් සහ අමාරා ඉෂ්ටියාක් (පාකිස්තානය) විසින් වට 2-1 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ රෂ්මි මුදලිගේ පරාජය කරන ලදහ. (13/21, 21/13, 21/18) 
විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස රාජා හසන් මුතාලිබ් සහ උමාමා උස්මාන් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/13, 21/09) 

අවුරුදු 17 න් පහළ 
■ බාලක කේවල 
කෙනෙත් අරුග්ගොඩ විසින් වට 2-0 ක් ලෙස සුබින් ස්රේෂ්තා (නේපාලය) පරාජය කරන ලදි. (21/12, 21/08) 

සෙනුත් සෙත්මිත විසින් වට 2-1 ක් ලෙස මුහම්මද් සුලේමාන් (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/14, 14/21, 21/12) 

■ බාලිකා කේවල
විෂ්වනී වන්නිආරච්චි විසින් වට 2-0 ක් ලෙස රිහානා ෂෙර්චෑන් (නේපාලය) පරාජය කරන ලදි. (21/16, 21/07) 
නෙත්මි රත්නායක විසින් වට 2-0 ක් ලෙස දිලාෂා රානා (නේපාලය) පරාජය කරන ලදි. (21/04, 21/05) 

■ බාලක යුගල 
කෙනෙත් අරුග්ගොඩ සහ සෙනුත් සෙත්මිත විසින් වට 2-0 ක් ලෙස හම්ඩ් උල්ලා ඛලීල් සහ මුහම්මද් සුලේමාන් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/13, 21/19) 

■ බාලිකා යුගල 
නෙත්මි රත්නායක සහ විෂ්වනී වන්නිආරච්චි විසින් වට 2-0 ක් ලෙස කර්මා ලේකි සහ සෝනම් යුදෙන් (භූතානය) පරාජය කරන ලදහ. (21/01, 21/01) 

■ මිශ්‍ර යුගල 
කෙනෙත් ඇග්ගොඩ සහ නෙත්මි රත්නායක විසින් වට 2-0 ක් ලෙස සදිප් රායි සහ දිලාෂා රානා (නේපාලය) පරාජය කරන ලදහ. (21/09, 21/12) 
සෙනුත් සෙත්මිත සහ විෂ්වනී වන්නිආරච්චි විසින් වට 2-1 ක් ලෙස හම්ඩ් උල්ලා ඛලීල් සහ හුම්නා ඉර්ෂාඩ් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/16, 11/21, 21/15) 


අවුරුදු 15 න් පහළ 
■ බාලක කේවල 
රනිතු ප්‍රේමරත්න විසින් වට 2-1 ක් ලෙස දීප් තින්ග් (නේපාලය) පරාජය කරන ලදි. (21/17, 21/23, 21/16) 
තමිඳු ප්‍රනාන්දු විසින් වට 2-0 ක් ලෙස සුදේෂ් රාජ්කෝටි (නේපාලය) පරාජය කරන ලදි. (21/16, 21/19) 

■ බාලිකා කේවල
ලිමන්දි ගජාලි විසින් වට 2-0 ක් ලෙස ස්වෝර්ලීන් ෂ්රේස්තා (නේපාලය) පරාජය කරන ලදි. (21/11, 21/07) 
නිතිනි ගුරුගේ විසින් වට 2-1 ක් ලෙස සර්වාට් ෆාතිමා (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/14, 15/21, 21/19) 

■ බාලක යුගල 
තමිඳු ප්‍රනාන්දු සහ රනිතු ප්‍රේමරත්න විසින් වට 2-0 ක් ලෙස ජෙෂෙටෙන් සෝනම් සහ වන්ග්ඩා රින්ග්සින් (භූතානය) පරාජය කරන ලදහ. (21/07, 21/11) 

■ බාලිකා යුගල
ලිමන්දි ගජාලි සහ නිතිනි ගුරුගේ විසින් වට 2-0 ක් ලෙස රින්චෙන් දීමා සහ ටැන්දින් වැන්ග්මෝ (භූතානය) පරාජය කරන ලදහ. (21/04, 21/04) 


■ මිශ්‍ර යුගල
රනිතු ප්‍රේමරත්න සහ ලිමන්දි ගජාලි විසින් වට 2-0 ක් ලෙස දීප් තින්ග් සහ නීවා රායි (නේපාලය) පරාජය කරන ලදහ. (21/06, 21/12) 

තමිඳු ප්‍රනාන්දු සහ නිතිනි ගුරුගේ විසින් වට 2-0 ක් ලෙස සුදේෂ් රාජ්කොටි සහ ස්වෝර්ලීන් ෂ්රේස්තා (නේපාලය) පරාජය කරන ලදහ. (21/17, 21/13) 


අදහස් (0)

ශ්‍රී ලංකාව රන් පදක්කම් 15 න් 7 ක් තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.