Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය පානදුරේට

කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය පානදුරේට

editorial - 2025 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සටහන සහ ඡායාරූප - පානදුර සුමිත් පොතුපිටිය)

දීර්ඝ  කාලයක් විවිධ රජයන් මගින් දිනෙන් දින කල්මරමින් තිබූ පානදුර මෝදරවිල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කඩිනමින් අරඹා වසර පහක් තුලදී වැඩ නිමාකරන බව යෞවන කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීය . ඒ මහතා මේ බව සදහන් කලේ පසුගියදා පානදුර මෝදරවිල ක්‍රීඩා පිටියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

දීර්ඝ කාලයක පටන් පැවති රජයන්හී ක්‍රීඩා අමාත්‍යාවරුන්ද ක්‍රීඩාපිටියේ අවස්ථා කිහිපයකදී නිරීක්ෂණ චාරිකාවලට එක්ව සිටී අතර, හිටපු අමාත්‍යාවරුන් කිහිප දෙනෙකුම ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යැයි සදහන් කරමින් මුදල් වෙන්කර ගෙන තිබූ බවත් එම මුදල් වලින් කිසිදු සේවාවක් සිදුනොවූ බවටත් පානදුර ක්‍රීඩා බලධාරීහූ අමාත්‍යවරයාට කියා සිටියහ. 

ක්‍රීඩාපිටිය සදහා  හෙක්ටයාර් 4.0294 ක් වෙන්කර ඇති නමුත් පසුගිය රජයක් මගින් ගත් තීරණයක් මත හෙක්ටයාර් 0.6715 ක ප්‍රමාණයක් පෞද්ගලික සමාගමකටද , තවත් හෙක්ටයාර  0.4039 ක් වෘත්තීය පුහුණු අධිකාරියට ද ලබාදී තිබේ. එ බැවින් ක්‍රීඩා පිටියට ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 2.7255 ක් බව පානදුර ක්‍රීඩා බළධාරීන් විසින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යාවරයාට පෙන්වා දෙන ලදි. 

මේ සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදුන අමාත්‍යවරයා කියා සිටියේ පළමුව ක්‍රීඩා පිටියට අයත්, මේ වනවිටත් පෞද්ගලික සහ වෙනත් ආයතනයකට ලබාදී ඇති කොටස් නැවත අත්පත් කරගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම පසුගිය රජයන් සමයේ මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බව සදහන් කරමින් විශාල වශයෙන් මුදල් වෙන්කර ඇති බවට තොරතුරු ඇති වාර්තාවන බවත් දෙවන පියවර ලෙසින්  ඒවා සම්බන්ධයෙන්ද සොයාබලන බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් පැවසීය .

ඒ අනුව මීටර් 400 ක ධාවන පථයක් සහිතව අනෙකුත් ක්‍රීඩාද සදහා යොදාගත හැකි පරිදි කළුතර දිස්ත්‍රික්කය සඳහා අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සදහා මේ වනවිටත් ලබාදී ඇති කොටස් පානදුර සම්බන්ධීකරණ කමිටුව වෙතින් පවරාගෙන, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමුකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය. 

ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් අනතුරුව එහි පාලන කටයුතු පානදුර නගර සභාවට පැවරීමටද මෙහිදී එකඟතාවය පලවිය.

පානදුර ක්‍රීඩා බළධාරීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් කරන ලද ඉල්ලීම් අනුව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යාවරයා සංචාරයට එක්ව සිටියේය. මෙම  නිරීක්ෂණ චාරිකාවට පානදුර නගරාධිපති  හේමකුමාර ප්‍රේරා, නියෝජ්‍ය නගරාධිපති රාජිත ප්‍රනාන්දු , පානදුර ප්‍රාදේශීය සභාපති ධර්මසිරි පෙරේරා,  උප සභාපති නිශ්ශංක ඩයස්  ඇතුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ද,  දකුණු ආසියානු රන් පදක්කම් ලාභීනියක මෙන්ම ඔලිම්පික් ක්‍රීඩිකා ජයමිණි ඉලේපෙරුම,  ධාවන ශූර චින්තක ද සොයිසා, මෝදරවිල ක්‍රීඩා පිටිය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් සහ පානදුර ක්‍රීඩා බළධාරීහු ද එක්ව සිටියහ.

 


අදහස් (1)

කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණය පානදුරේට
  • pakeer Wednesday, 20 August 2025 03:24 PM

    ‍මේකට මුලපිරුවේ 1981. නමුත් තාමත් මේක වෙලා නෑ. කිව්වා වගේ ලොකු ඉඩක් තිබුණා. ඕනෙ නම් අන්තර්ජාතික ක්‍රිකට් පිටියක් හදන්න වුණත්... දැන් නම් මේකෙ ඉඩක් නැහැ. ලොකු දෙයක් කරන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.