Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝල 39 න් 21 ක් ශ්‍රී ලංකා දැලට

ගෝල 39 න් 21 ක් ශ්‍රී ලංකා දැලට

editorial - 2025 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රටවල් හතරක් සහභාගි වන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු වයස 20 න් පහළ (කාන්තා) තරගාවලියේ පළමු වටයේ තරග තුනෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් විය.මෙම තරගාවලිය ජූලි 21 වැනිදා දක්වා බංගලාදේශයේ ඩැකා නුවරදී පැවැත්වේ.

අගහරුවාදා (15) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව නේපාලයට පරාජය වූයේ ගෝල 7- 0 කටය. සත්කාරක බංග්ලාදේශයට එරෙහිව ගෝල 9 - 1 ක්  ලෙසත් භූතානයට එරෙහිව ගෝල 5 - 0 ක් ලෙසත් ඊට පෙර පැවැති තරග දෙකකදී ශ්‍රී ලංකාව තවත් දරුණු පරාජයන් දෙකක් තරගාවලියේ ලැබීය.

මෙවර රටවල් හතරක සහභාගිත්වයට සීමාවී තිබෙන තරගාවලියේ තරග අකෘතියට අනුව තවත් ලීග් (දෙවැනි) වටයකට සියළුම ප්‍රතිවාදිනියන් එකි නෙකාට එරෙහිව සහභාගි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව අද (17) නේපාලය සමගත් සෙනසුරාදා (19) බංගලාදේශය සමගත් ලබන සදුදා (21) භූතානය සමගත් නැවැත තරග වැදීමට නියමිතය. මෙම තරග වටයේ නිමාවෙන් පසුව ලකුණු සටහනේ වැඩිම ලකුණුලාභිණිය තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස තෝරා ගැනේ.

පළමු වටයේ තරග තුනම ජය ගත් සත්කාරක බංග්ලාදේශය ලකුණු නවයක් ලබා ඒ සදහා ඉහළම අවස්ථාව දැනටම උදා කර ගෙන සිටියි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරිවාර නිලධාරීන් හත් දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් සමග තරග සංචාරයට එක්ව සිටියි. එහිදී ප්‍රධාන පුහුණුකරු ලෙස ෂිරන්ත කේ. කුලරත්න මහතාත් සහය පුහුණුකරු ලෙස බුද්ධික කංකානම්ගේ මහතාත්, ගෝල් රකින්නියන්ගේ පුහුණුකරු ලෙස මොහොමඩ් පිට්ච්වෙලෙයි මහතාත් එහිදී කටයුතු කරති.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස හිතේෂි ජයවර්ධන මහත්මිය කටයුතු කරන්නීය.

පළමු වටයේ තරග හයේදී ගෝල 39 ක් වාර්තාවී තිබේ. ඉන් ගෝල 21 ක් ප්‍රතිවාදිනියන් විසින් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

කෙසේවූවත් ශ්‍රී ලංකාව එහිදී වාර්තා කළ එකම ගෝලය බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලයන්සිකා ජාසෝකරන් විසින් තරගයේ නියමිත වේලාව අවසන්ව තිබියදී අතිරේකව පිරිණැමුණු 91 වැනි විනාඩියේදී වාර්තා කිරීම කැපී පෙනේ.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස සදුණි එස්. ගුලවිටගේ කටයුතු කරයි. නේපාල කණ්ඩායමේ පූර්ණිමා රායි පළමු වටයේ වැඩිම ගෝල ලාභිණියයි. ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල දෙකක් හා භූතානයට එරෙහිව ගෝල හතරක් එහිදී රැස් කර තිබේ.ආසන්නයේදී පැවැති ආසියානු කුසලාන (2026) නිර්දේශ පාපන්දු  (කාන්තා) තරගාවලියේදීත් ශ්‍රී ලංකාව ගෝල 0 - 20 ක් තරම් ඉහළ අගයකින් ප්‍රතිවාදිනියන්ට  පරාජය විය.

ඒ පිළිබදව ලංකාදිප ය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව  ඉදිරියේදී පූර්ණ වෙනසකට ලක් කෙරෙන බවත් ඒ අනුව 2025 වසර සදහා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම කේන්ද්‍ර කර ගනිමින් පමණක් රුපියල් හත් කෝටි හැට පන් ලක්ෂයකට ආසන්න මුදලක් වන දළ ඇස්තමේන්තුවක් සූදානම් කර ඇතැයිද පැවැසීය.


අදහස් (0)

ගෝල 39 න් 21 ක් ශ්‍රී ලංකා දැලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.