Last Update  :  2025-11-09 21:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව බඳුන ශූරතාව දිනාගනී
හොං කොං සය සාමාජික තරග

ශ්‍රී ලංකාව බඳුන ශූරතාව දිනාගනී

editorial - 2025 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හොං කොං සය සාමාජික තරගාවලියේ බඳුන ශූරතාව දිනාගන්නා ලදි. අද (9 වැනිදා) පැවැති බඳුන අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 21 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන ශූරතාව දිනාගත්තේය. 

අවසන් තරගයේදී පිත්තෙන් අසිරිමත් දස්කම් පෙන්වූ සචිත ජයතිලක නොදැවී ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසුව පිටියෙන් ඉවත්ව ගියේය. ජයතිකලගේ පන්දු 13 පිතිහරඹය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර ඔහුගේ ලකුණු 52 න් ලකුණු 48 ක්ම පැමිණියේ හයේ සහ හතරේ පහර වලිනි. 

ජයතිලක තරම්ම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ ළහිරු සමරකෝන් පන්දු 4 කින් ලකුණු 14 ක් ලබාගත්තේය. ධනංජය ලක්‍ෂාන් සහ නිමේෂ් විමුක්ති එක්ව පන්දු 16 කින් ලකුණු 28 ක් ලබාගත් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 6 ක් අවසානයේදී කඩුලු 2 කට ලකුණු 106 ක් ලබාගත්හ.

ලකුණු 107 ක ඉලක්කයක් කරා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිතිකරුවෝ ඕවර 6 කදී ලකුණු 85 කට සීමා කෙරිණ.

2024 වසරේ හොං කොං සය සාමාජික තරගාවලියේ ශූරයන්ට හිමි කුසලානය දිනාගත් නමුත් සික-ුරාදා (7 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකම පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බඳුන තරගාවලියට පහත වැටිණ. සෙනසුරාදා (8 වැනිදා) පැවැති බඳුන තරගාවලියේදී තරගවලදී නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

බඳුන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව ලකුණු 48 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. අනෙක් අවසන් පූර්ව තරගයේදී නේපාලය ලකුණු 43 කින් පරාජය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. 


බඳුන තරගාවලියේ අවසන් තරගය
ශ්‍රී ලංකාව - ඕවර 6 කදී කඩුලු 2 ට 106 යි 
(ළහිරු සමරකෝන් 14, සචිත ජයතිලක නොදැවී 52, ධනංජය ලක්ෂාන් නොදැවී 15, නිමේෂ් විමුක්ති නොදැවී 13)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 6 කදී කඩුලු 2 ට 85 යි
(ඛාලිඩ් ෂා නොදැවී 23, නිලාන්ශ් කේස්වානි 44)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකාව බඳුන ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.