Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර කිහිපයක් තිස්සේම අන්තර්ජාතික රග්බි තරගාවලියකට සහභාගිවීමේ ආශාවෙන් මඬනා ලද ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ඊයේ (21 වැනිදා) පෙවරුවේදී චීනයේ හංජෝ නුවර බලා පිටත්ව ගියහ. එහෙත් ශ්‍රී ලංකා රග්බි, ක්‍රීඩා අමාත්‍යංශය සහ ආසියානු රග්බි යන ආයතන තුන අතර ඇති ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ආසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වදිති.
කොරෝනා වසංගතය හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ අන්තර්ජාතික රග්බි තරග වලට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අහිමි වී තිබිණ. එබැවින්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් අහිමි වූ නමුත් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ට ලැබුණු මහඟු අවස්ථාවක් විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග 24 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වේ. ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා (ආසියානු ඔලිම්පික් කමිටු) ක්‍රීඩකයෝ 24 වනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7.55 ට චීන තායිපේ පිලට එරෙහිව තරග වදී. ඔවුන්ගේ දෙවැනි තරගය එදිනම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.25 ට කොරියානු පිලට එරෙහිව පැවැත්වෙයි. මෙම තරග දෙකේදී අත්කරගන්නා ප්‍රතිඵල අනුව ශ්‍රී ලාංකිකයන්ගේ ඉදිරිගමන තීරණය වනු ඇත.
තරින්ද රත්වත්ත සත් සාමාජික කණ්ඩායමේ නායකත්වය දරයි. දුෂාන්ත ලෙව්කේ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.
ආසියානු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයන් මාසයක පමණ කාලයක් එක්ව පුහුණුවීම් කරමින් සිටියද ශ්‍රී ලංකා රග්බි ක්ෂේත්‍රයේ පුරුදුකාරයෝ වැඩිදෙනකු එතන නැත. එහෙත් එනිසාම තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ලැබී තිබේ.
කණ්ඩායමේ බැනියම වර්ණ ගන්වා ඇත්තේ වෙනදා පුරුදු කොළ පැහැයෙන් නොව, ආසියානු ඔලිම්පික් කමිටුවේ වර්ණ වන තද කහ පැහැයෙන් සහ තද රතු වර්ණයෙනි. එහෙත් ශ්‍රී ලංකාවටම ආවේණික වන පරිදි ඇත් වස්ත්‍රාභරණයෙන් සැරසී පෙරහැරේ කරඬුව වඩම්මවන හස්තියාගේ කුම්භස්තලයෙන් සහ පහත රට වෙස් නැටුම් සිහිගන්වන වෙස් තට්ටුවකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග ඇඳුම් අලංකාර වී තිබේ.
අසුන්ගෙන (වමේ සිට)
දුෂාන් ලෙව්කේ (පුහුණුකරු), කොමදෝරු සනත් පිටිගල (කළමණාකරු), අදීශ වීරතුංග, කේ. මහේසන් (ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්), තරින්ද රත්වත්ත (නායක), ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු (ක්‍රීඩා අමාත්‍යංශයේ අධක්‍ෂ ජනරාල්), ගෲප් කපිතාන් නලින් ද සිල්වා (ශ්‍රී ලංකා රග්බි - නියෝජ්‍ය සභාපති), රියර් අද්මිරල් උදය හෙට්ටිආරච්චි (උප සභාපති), හසන් සිංහවංස (ශ්‍රී ලංකා රග්බි - විධායක අධ්‍යක්‍ෂ),
සිටගෙන (වමේ සිට)
වෛද්‍ය නමිත් සංකල්පන (කණ්ඩායමේ වෛද්‍යවරයා), හේෂාන් ජැන්සන්, රමේෂ් ප්‍රනාන්දු, ගැමුණු චේතිය, ඇඩම් ගෞඩර්, අංජුල හෙට්ටිආරච්චි, ආකාශ් මධුශංක, රවීන් ප්‍රනාන්දු, දිනූප සෙනෙවිරත්න, කවිඳු ද කොස්තා සහ දර්ශන දාබරේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.