Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරදිති
යොවුන් ආසියානු කුසලාන

ශ්‍රී ලංකා යෞවනයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරදිති

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 7 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි යොවුන් කණ්ඩායම අතර ඩුබායි නුවර අයි.සී.සී. විද්‍යායතන ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි යොවුන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය එත්සත් අරාබි එමීර් යොවුන් ක්‍රීඩකයෝ, ඕවර 48.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරගත්හ. නායක අෆ්සාල් ඛාන් පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පන්දු 88 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 75 ක් රැස්කළ ටනීෂ් සූරි එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා මනා අඩිතාලමක් දැමුවේය. ඊතන් ඩි’සූසා (17) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටනීෂ් සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිනුර කළුපහණ ඉතා ඉවසිවන්ත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 88 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය. 

ලකුණු 49 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී නායක සිනෙත් ජයවර්ධන (49) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනුර සමත් විය. පන්දු 65 කට මුහුණදුන් සිනෙත් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ දුවද්දී දැවී යෑමකට හසුවෙමිනි. ඔහුගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, රූසඳ ගමගේ පන්දු 39 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දිනුරට සහ සිනෙත්ට අනගි සහායක් දුන්හ. 


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 219 
(පුළිඳු පෙරේරා 24, සිනෙත් ජයවර්ධන 49, රූසඳ ගමගේ 26, දිනුර කළුපහණ 58, විෂ්ව ළහිරු නොදැවී 23, අෆ්සාල් ඛාන් 38/2, ඔමිඞ් රෙහමන් 48/2) 

එක්සත් අරාබි එමීර් යොවුන් පිල - ඕවර 48.2 කදී කඩුලු 8 ක් දැවී 224 
(ආර්යන්ෂ් ශර්මා 19, ටනිෂ් සූරි 75, ඊතන් ඩි’සූසා 17, මරූෆ් මර්චන්ට් 20, අෆ්සාල් ඛාන් 33, අමර් බදාමි නොදැවී 17, ගරුක සංඛේත් 35/3, විෂ්ව ළහිරු 28/2) 

 

- 036 


අදහස් (1)

ශ්‍රී ලංකා යෞවනයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරදිති
  • නී අමරසිංහ Tuesday, 12 December 2023 03:13 AM

    අපේ ක්‍රිකට්වල තත්වය?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.