
දුල්නිත් සිගේරා (95) සහ කවිජ ගමගේ (97) දෙදෙනා එක්ව කළ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්ථානු යොවුන් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. නැමීබියාවේ වින්ඩ්හෝක් නුවරදී ඊයේ (15 වැනිදා) පැවැති පුහුණු තරගයකදී ශ්‍රී ලංකා යෞවනයෝ මෙම ජයග්‍රහණය අත්පත් කරගත්හ.
කලින් පැවැති පුහුණු තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම විසින් ලකුණු 12 කින් (ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව) දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරන ලදි.
ඇෆ්ඝනිස්ථානුවන් ප්‍රහාරාත්මක පිතිහරඹයට රුසියන් බව දත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ වේගවත් ආරම්භයක් ලබාගත්හ. කඩුලු 3 ක් දැවී ගොස් තිබුණ නමුත් 15 වැනි ඕවරයේදී ලකුණු 71 ක් ශ්‍රී ලංකා යොවුන් පිලේ පුවරුවට එක්ව තිබිණ. දුල්නිත් සිගේරා සහ කවිජ ගමගේ දෙදෙනා එක්වූයේ එතැනිනි.
දුල්නිත් සහ කවිජ දෙදෙනාම ශතක පෙනි පෙනී දැවී ගිය නමුත් ඔවුන් දෙදෙනාගේ පිතිහරඹය නිසා තරගය ඇෆ්ඝනිස්ථානු පිලෙන් බොහෝ ඈතට ඇදී ගියේය. මෙම පිතිකරුවන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 171 ක සම්බන්ධතාව වෙනුවෙන් පන්දු 191 කට මුහුණ දුන්හ. එහි විශේෂත්වය වූයේ දෙදෙනාම පන්දුවට පහර දීමේ අවස්ථාව එකිනෙකා සමගින් හුවමාරු කරගනිමින්, ලැබෙන සෑම දුර්වල පන්දුවකින්ම නිසි ප්‍රයෝජන ගැනීමයි.
පන්දු 123 කට මුහුණ දුන් සිගේරා, හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම සරසද්දී, පන්දු 109 කට මුහුණ දුන් කවිජ ගමගේ හතරේ පහර 10 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කළේය.
48 වැනි ඕවරයේදී කවිජ ගමගේ දැවී යන විට ලකුණු 247 ක් පුවරුවේ තිබිණ. ඉතිරිව තිබුණු පන්දු 13 න් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ පසුපෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී ගිය නමුත් විරාන් චමුදිත පන්දු 9 කින් නොදැවී ලකුණු 20 ක් ලබාගත්තේය.
වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් ඇෆ්ඝනිස්ථානුවන්ගේ ඉලක්කය ඕවර 23.5 කදී ලකුණු 118 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. ඒ අතරවාරයේදී කඩුලු 3 ක් අහිමිකරගත් ඇෆ්ඝනිස්ථානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 110 කි.
ඇෆ්ඝනිස්ථානුවන් ද ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නමුත් මලින්ත සිල්වා (ඕවර 4.5) සහ විග්නේෂ්වරන් ආකාෂ් (ඕවර 3) එක්ව යැවූ පන්දු 47 ලකුණු 19 කට සීමාකරගත් හෙයින් ඉනිම අවසානයේදී ඇෆ්ඝනිස්ථානුවෝ අමාරුවේ වැටුණහ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 266 යි
(දිමන්ත මහවිතාන 16, දුල්නිත් සිගේරා 95, සෙනුජ වැකුණගොඩ 18, කවිජ ගමගේ 97, විරාන් චමුදිත නොදැවී 20, කාතීර් ස්ටැනික්සායි 36/3)
ඇෆ්ඝනිස්ථානු යොවුන් කණ්ඩායම - ඕවර 23.5 කදී කඩුලු 3 ට 110 යි
(කාලිඩ් අහමඩ්සායි නොදැවී 57, ෆයිසාල් ෂිනොසාදා 35)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.