Last Update  :  2025-11-06 20:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තරගාවලිය දිනති

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තරගාවලිය දිනති

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කෝල්ට්ස් පිටියේදී පැවැති තුන්වැනි තරගයේදීත් සංචාරක මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 118 කින් පරාජය කරමින් දැවැන්ත ජයක් අත්කරගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය වේලාසනින්ම ජයගත්හ.

මෙතෙක් පැවැති තරග තුනම ජයගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ මේ වන විට 3-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති. 

බදාදා තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසේනි තලගුණේ ඕවර 2.5 කදී (පන්දු 17 කින්) ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගත්තාය. ඇය යැවූ පන්දු 17 න් පන්දු 14 ක් ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි විමෝක්ෂා බාලසූරිය පන්දු 42 කදී ලකුණු 62 ක් ලබාගත්තාය.

විමෝක්ෂාගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය. රශ්මිකා සෙව්වන්දි (පන්දු 30 කින් ලකුණු 38 යි) සහ ශෂිනි ගිම්හානි (පන්දු 14 කින් ලකුණු 20 යි) දෙදෙනාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ට ලකුණු 166 ක් ලබාගත්හ. 

දකුණතින් පා දඟ පන්දු යවන්නී අසේනි තලගුණේගේ පන්දු යැවීම හමුවේ මැලේසියානු ක්‍රීඩිකාවෝ ලකුණු 48 කට දැවී ගියහ. 

තරගාවලියේ සිව්වැනි තරගය හෙට එන්.සී.සී. පිටියේදී පැවැත්වේ.


ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 166 යි
(විමෝක්ෂ බාලසූරිය 62, රශ්මිකා සෙව්වන්දි 38, ශෂිනි ගිම්හානි 20, නූර් දානියා 20/3)

මැලේසියානු කාන්තාවෝ - ඕවර 13.5 කදී සියලු දෙනා දැවී 48 යි
(අයිනා නජ්වා 13, චමෝදි ප්‍රබෝධා 09/2, අසේනි තලගුණේ 10/5)


- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.