Last Update  :  2026-05-03 20:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුමේධ - නදීෂා රිදී පදක්කම් දිනති
ආසියානු විසිකිරීමේ ශූරතාවලිය

සුමේධ - නදීෂා රිදී පදක්කම් දිනති

editorial - 2026 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ මොක්පෝ නුවරදී පැවැති 2026 ආසියානු විසිකිරීම් තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනාගැනීමට සුමේධ රණසිංහ සහ නදීෂා ලේකම්ගේ අද (3 වැනිදා) සමත් වූහ. 

සිය පළමු උත්සාහයේදීම මීටර 75.61 ක දුරක් හෙල්ලය විසිකළ සුමේධ රණසිංහ රිදී පදක්කමට හිමිකම් කීවේය. සුමේධ පසුගිය වසරේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ මීටර 82.05 ක දුරක් හෙල්ලය විසිකරමිනි. රන් පදක්කම දිනාගත් උස්බෙකිස්ථානයේ එස්. ඉස්මොයිලොව් මීටර 76.32 ක දුරක් හෙල්ලය විසි කළේය.
 
නදීෂා ලේකම්ගේ මීටර 56.79 ක දුරක් හෙල්ලය විසිකරමින් රිදී පදක්කම දිනාගත්තාය. මීටර 58.84 ක් දුර හෙල්ලය වීසි කළ ජපානයේ මෙමොන් උයේදා රන් පදක්කම දිනාගත් අතර ජපානයේම මොමොකෝ සුජී මීටර 56.68 ක දුරක් හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. 

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 19 වැනිදා සිට ජපානයේදී පැවැත්වෙන බැවින් සුමේධ රණසිංහගේ සහ නදීෂා ලේකම් දෙදෙනාගේ රිදී පදක්කම් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවන්නකි. මේ අතර තවත් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකු වන රුමේෂ් තරංග පතිරගේද මේ දිනවල සාර්ථක දස්කම් පෙන්වමින් සිටින්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් අපේක්‍ෂාවෙනි. 

- 223


අදහස් (0)

සුමේධ - නදීෂා රිදී පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.