Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු අප්‍රිකාවට යති

ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු අප්‍රිකාවට යති

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කට සහ එක්දින අන්තර්ජාතික තරග 3 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

 විස්සයි20 අන්තර්ජාතික තරග තුන පළමුවෙන් පැවැත්වේ. මෙම තරග මාර්තු 27, මාර්තු 30 සහ අප්‍රේල් 03 දිනවල බෙනෝනි, පොචෙස්ට්‍රෝම් සහ ඊස්ට් ලන්ඩන් යන නගර වලදී පැවැත්වෙයි. 

එක්දින තරග තුන අප්‍රේල් මස 09, 13 සහ 17 දිනවලදී ඊස්ට් ලන්ඩන්, කිම්බර්ලි සහ පොචෙස්ට්‍රෝම් යන නගර වලදී පැවැත්වෙයි. 

මෙම තරගාවලියට ඇතුළත් එක්දින තරග තුනම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ශූරතාවලියට ඇතුළත් තරග වෙති. මාර්තු මස 24 වැනිදා වන විට පැවැති ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභා කාන්තා ශූරතාවලියේදී 8 වැනි ස්ථානයේ සිටී. 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු අප්‍රිකාවට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.