Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තාවන්ට පුහුණු තරග දෙකක්

ශ්‍රී ලංකා කාන්තාවන්ට පුහුණු තරග දෙකක්

editorial - 2024 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සාදි තව්ෆීක් විසිනි)

බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ වටයට යාමට පෙර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරහුරු තරග දෙකකට සහභාගි වනු ඇත. පළමු පෙරහුරු තරගය, නෙදර්ලන්ත කාන්තා පිලට එරෙහිව, අද (21 වැනිදා) අබුඩාබිහි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙවැනි පෙරහුරු තරගය ලබන අඟහරුවාදා වනුවාටු කාන්තා පිලට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. 
සුදුසුකම් තේරීමේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අප්‍රේල් 25 වන දින අබුඩාබි හි පැවැත්වෙයි. එම තරග වටයේ අවසන් මහ තරගයට පිවිසෙන කණ්ඩායම් දෙකම බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත. 

“අපි දකුණු අප්‍රිකාවේ මුහුණ දුන් කණ්ඩායමට වඩා මෙතන ඉන්න කණ්ඩායම්වල තත්ත්වය බොහෝ දුර්වල වුණත් අපි කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්නේ නැහැ” යයි කණ්ඩායම සමගින් අබුඩාබි වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඬේලි එෆ්.ටී. පුවත් පතට පැවසීය.

“අපි සෑම කණ්ඩායමක්ම බැරෑරුම් ලෙස සලකනවා. අපගේ සූදානම වෙනත් ඕනෑම කණ්ඩායමක් හා තරග වදින විට වන සූදානමට සමානයි,” 

“තණතීරු නම් තරමක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි, වෘත්තීය කණ්ඩායමක් වශයෙන්, අපේ දක්ෂතා පිළිබඳ විශ්වාසයෙන් ඉන්නවා. ඒත් මේ පුංචි කණ්ඩායම් එක්ක සෙල්ලම් කරනකොට තියෙන අවදානම ගැනත් අවධානයෙන් ඉන්නවා...”

“ඕනම දේකට අපි සූදානම්” යයි ද රුමේෂ් රත්නායක මහතා ඬේලි එෆ්.ටී. පුවත් පතට පැවසීය. 
බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලානය තරගාවලියේදී ශ්‍රී ලංකාවට සුදුසුකම් තේරීමේ වටයට යාමට සිදුවීම තරමක් හාස්‍යජනක බව ද රත්නායක මහතා කියයි. 

“එය (කණ්ඩායම් තෝරා ගැනීම) පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තමයි කළේ. අපි හත්වැනි ස්ථානයේ සිටියා. ඒත් බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන නිසා ඔවුන්ට ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අයිතිය හිමිවුණා. ඒත් ඒක නිසා සුදුසුකම් ලැබිය යුතු වටයට යන්න අපට සිද්ධ වුණා” යයි ද රුමේෂ් රත්නායක මහතා පැවසීය. 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තාවන්ට පුහුණු තරග දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.