Last Update  :  2026-05-01 09:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වි-20 තරගාවලියත් දිනති
බංග්ලාදේශ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වි-20 තරගාවලියත් දිනති

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි පිතිකාරිණියන් පස් දෙනාගෙන් හතර දෙනකුම 100 කට වැඩි ප්‍රවේගයකින් ලකුණු ලබාගත් හෙයින් බංග්ලාදේශයේ ෂිලාත් නුවරදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි-20 තරගාවලියත් ජයගත්තේය. අඟහරුවාදා පැවැති පළමු විස්සයි-20 තරගය ලකුණු 25 කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තාවෝ අද පැවැති තරගයේදී ලකුණු 21 ක ජයක් අත්කරගත්හ. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අත්වැරදීම් රහිත ක්‍රීඩා විලාසය හමුවේ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ නිරුත්තරව ගියහ. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා (පන්දු 11 කින් ලකුණු 9 ක්) හැර අනෙක් සියලුම පිතිකාරිණියෝ තමන් මුහුණ දුන් පන්දු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්හ. ඔවුන් සියලු දෙනාගේම ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය 100 ඉක්මවා තිබිණ. 

විස්සයි-20 තරගයකදී පිතිකරුවකුගෙන් හෝ පිතිකාරිණියකගෙන් අපේක්‍ෂා කරන මූලිකම සමත්කම මෙයයි. 
චමරි අතපත්තු (37/42), ඉමේෂා දුලානි (25/27), හර්ෂිතා සමරවික්‍රම (29/49) සහ නිලක්ෂිකා ද සිල්වා (18/22) සිව්දෙනා එක්ව පන්දු 109 කින් ලකුණු 140 ක් ලබාගත්හ. ඔවුන් අතුරින් විශිෂ්ටතම පිතිහරඹයේ යෙදුණු හර්ෂිතා සමරවික්‍රම පන්දු 29 කින් ලකුණු 49 ක් ලබාගත්තේ හතරේ පහර 4 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසාලමිනි. 

ඉනිම ආරම්භයේ ප්‍රහාරාත්මක ඕවර 6 දී ලකුණු 35 ක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉනිමේ මධ්‍ය කොටසේදී ලකුණු 69 ක් සහ අවසන් ඕවර 4 දී ලකුණු 50 ක්  ලබාගත්හ. 

බංග්ලාදේශ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වූ ඩිලාරා අක්තාර් (23) සහ ජුවයිරියා ෆර්ඩෝස් (29) යළිත් වතාවක් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් නමුත් කවීෂා දිල්හාරි විසින් ඩිලාරා අක්තාර් දවාගැනීමත් සමගින් බංග්ලාදේශය අමාරුවේ වැටිණ. පන්දු 47 කින් ලකුණු 44 ක් ලබාගත් ශර්මින් අක්තාර් බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූවද, ුඅවසන් ඕවර 4 න් ලකුණු 56 ක් ලබාගැනීම ඔවුන්ට සාක්ෂාත් කරගත නොහැකි අභියෝගයක් විය. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය මැයි මස 2 වැනිදා ෂිලාත් නුවරදී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 2 කදී කඩුලු 4 ට 154 යි
(චමරි අතපත්තු 42, ඉමේෂා දුලානි 27, හර්ෂිතා සමරවික්‍රම 49, නිලක්ෂිකා සිල්වා නොදැවී 22)

බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 133 යි
(ඩිලාරා අක්තාර් 23, ජුවයිරියා ෆර්ඩෝස් 29, ශර්මින් අක්තාර් නොදැවී 44, ෂෝර්නා අක්තාර් 12, කවීෂා දිල්හාරි 15/2)


 - 213

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වි-20 තරගාවලියත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.