
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (27 වැනිදා) කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නායකයෝත් සහභාගී වූහ.
නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැස්වීම, නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම, දැනට පවතින දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම, වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.
- 213



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.