Last Update  :  2026-01-19 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.එෆ්.එස්. අනුග්‍රහය
විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.එෆ්.එස්. අනුග්‍රහය

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස 7 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් අයි.එෆ්.එස්. සමාගම ඉදිරිපත් වී සිටී. කර්මාන්ත සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය යොදාගැනීම සම්බන්ධයෙන් අයි.එෆ්.එස්. ලෝ සුපතල සමාගමකි. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන අයි.එෆ්.එස්. සමාගමේ ලාංඡනය, ක්‍රීඩකයන්ගේ තරග කමිසයේ ඉදිරි අතේ සහ පුහුණුවීම් ඇඳුමේ පපුව මැද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. 

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු ආසියාව ඇතුළත සහ ලෝකය පුරාම වෙසෙන සමස්ත නරඹන්නන් පිරිස කෝටි 250 ක් ඉක්මවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 

ස්වීඩනයේ මූලස්ථානය පිහිටි අයි.එෆ්.එස්. සමාගම වසර 28 ක් පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන බැවින්, මෙම ඓතිහාසික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබීම තම සමාගමේ වගකීමක් ලෙසින් සලකන බවත් අයි.එෆ්.එස් ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රනිල් රාජපක්‍ෂ මහතා පැවසීය. 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.එෆ්.එස්. අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.