Last Update  :  2026-01-24 14:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවෙන් නොවෙනස් කණ්ඩායමක්
2 වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවෙන් නොවෙනස් කණ්ඩායමක්

දමින්ද විජේසූරිය - 2026 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු  එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව අද (24 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහාත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ. එංගලන්ත කණ්ඩායමේ එක වෙනස් කමකි. 

පළමු එක්දින තරගය ජයගත් නමුත් පළමු තරගයේ අවසන් ඕවර 5 දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනා පන්දු යැවූ ආකාරය ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. එබැවින් තමන්ගේ ස්ථාන ආරක්‍ෂා කරගැනීම සඳහා අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් දෙදෙනාට ඇත්තේ වැඩි වගකීමකි. 

ආරම්භක පිතකරු සැක් ක්‍රෝලි වෙනුවට පිට දඟ පන්දු යවන විල් ජැක්ස් එංගලන්ත කණ්ඩායමට කැඳවා තිබේ. තවත් දඟ පන්දු යවන්නකු වන රෙහාන් අහමඩ් එංගලන්ත ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බාරගැනීමට සූදානමින් සිටී. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් නොවෙනස් කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.