දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා ෆුට්සාල් පාපන්දු තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට භූතාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඉකුත් අඟහරුවාදා (13 වැනිදා) නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවැති තරගයේදී පාකිස්තාන කාත්නා කණ්ඩායම හමුවේ ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් විය.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම එහි ශූරියන් බවට පත්වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන සෙසු තරග 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, 23 වැනිදා මාලදිවයිනට එරෙහිවත්, 25 වැනිදා ඉන්දියාවට එරෙහිවත් පැවැත්වෙනු ඇත. 17 වැනිදා සෙසු කණ්ඩායම් සඳහා තරග පැවැතියද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විවේකී දිනයක් බවට පත්වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.