Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබියදී, ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (පෙබරවාරි 28 වැනිදා) අවසන් විය. සභාපති තනතුර සඳහා අපේක්‍ෂකයන් තිදෙනකු නාම යෝජනා බාරදී ඇතත් තිදෙනාම එකම පාර්ශ්වයක වන බැවින් මීළඟ නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලයට කිසිම ආකාරයක අභියෝගයක් එල්ල වී නැත.
සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල යන මහත්වරුන් නාමයෝජනා ඉදිරිපත් කර ඇතත් සියලු දෙනාගේම අපේක්‍ෂාව ශම්මි සිල්වා මහතා යළිත් වරක් සභාපතිවරයා වනු ඇති බවයි. මේ අතර සමන්ත දොඩන්වල මහතා උප සභාපති තනතුර සඳහා මෙන්ම ප්‍රධාන ලේකම් ධූරය සඳහාත් සිය නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
වත්මන් උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න දෙදෙනාම නැවත වරක් උප සභාපතිවරුන් ලෙසත්, වත්මන් ලේකම්වරයා වන මොහාන් ද සිල්වා මහතා තවදුරටත් ලේකම්වරයාම ලෙසත් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ මහතාත්, උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතාත්, උප භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියැද්ද මහතාත් තේරී පත්වීමට නියමිතය.
නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම 28 වැනි සඳුදා පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර එදින පස්වරු 3.30 ට අවසන් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහ සභා රැස්වීමකදී ඇතිකරගන්නා ලද තීරණයක් අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව නිලවරණ කමිටුව පත්කරගන්නා ලදි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී සුනිල් සිරිසේන මහතා නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වෙයි.
නාම යෝජනා භාර දුන් අපේක්‍ෂකයෝ
සභාපති (තනතුරු 1 යි)
ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල
උප සභාපතිවරු (තනතුරු 2 යි)
ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, විනෝදන් ජෝන්, කුමාර හැළඹගේ සහ සමන්ත දොඩන්වල
ලේකම් (තනතුරු 1 යි)
මොහාන් ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලීන් අපෝන්සු
භාණ්ඩාගාරික (තනතුරු 1 යි)
ලසන්ත වික්‍රමසිංහ සහ සුජීව ගොඩලියැද්ද
උප ලේකම් (තනතුරු 1 යි)
ක්‍රිෂාන්ත කපුවත්ත, ඩිලාන් පොලොන්නෝවිට, නිසිත රූපසිංහ සහ ශම්මි ගුණසේකර
උප භාණ්ඩාගාරික (තනතුරු 1 යි)
නලීන් අපෝන්සු, කිත්සිරි ද සිල්වා සහ සුජීව ගොඩලියැද්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.