Last Update  :  2024-04-28 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර්ගෙන් විශිෂ්ට ශතකයක්
පර්ත් ටෙස්ට් තරගය

වෝනර්ගෙන් විශිෂ්ට ශතකයක්

editorial - 2023 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම විවේචකයින්ගේ කටවල් වසා දැමූ ප්‍රවීන ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්, පාකිස්තානයට එරෙහිව පර්ත් හි ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 164ක් රැස්කරමින් කල්වේලා ඇතිවම ඕස්ටේ්‍රලියාවට තරගයේ ග්‍රහණය හිමිකර දුන්නේය. පළමු දිනය අවසන් වන විට ඕස්ටේ්‍රලියානුවෝ කඩුලු 5 කට ලකුණු 346 ක් ලබා සිටියහ. 

දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ඇලෙක්ස් කේරි (නොදැවී 14) සහ මිචෙල් මාෂ් (නොදැවී 15) පිටියේ රැඳී සිටියහ. 

මේ වන විට 37 හැවිරිදි වෝනර් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය නිමාවේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටී. ඔහු අද දිනයේ වැඩි කාලයක් පන්දුවට පහර දුන් අතර අවසානයේ කෝඩුකාර ආමර් ජමාල් හමුවේ දැවී ගියේ හයේ පහරක් ගැසීමෙන් පන්දු දෙකකට පසුවය.
පාකිස්තානය කිසි දිනක ඕස්ටේ්‍රලියාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයග්‍රහණය කර නොමැත. 1995 සිට මේ දක්වා, ඕස්ටේ්‍රලියාවේදී එකම ටෙස්ට් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට පාකිස්තානය

අපොහොසත් වී සිටී. ලෝක කුසලාන තරගවලියෙන් පසුව හිටපු නායක බාබර් අසාම් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර නව නායක ශාන් මසූඩ්ගේ කණ්ඩායම නැවතත් අසීරු කාර්යයකට මුහුණ දී සිටී.

අද දිනයේ පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් ද එතරම් දස්කම් දක්නට නොලැබිණ. කඩුලු 5 ක් දවාගත් නමුත් ඔවුන්ගේ දස්කම් වරින් වර ඉහළ පහළ යමින් තිබිණ. පන්දු 211 කදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ වෝනර් හතරේ පහර 16 ක් සහ හයේ පහර 4 ක් සමඟින් තම ඉනිම අලංකාර කළ අතර ඔහු ලකුණු 164 ක් ලබාගන්නා තුරුම පාකිස්තානු පන්දු යවන්නන්ට පිළිතුරක් තිබුණේ නැත.

සිඩ්නි හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී, තම ප්‍රාන්තයේ ක්‍රීඩා ලෝලීන් හමුවේදීම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම වෝනර්ගේ අපේක්‍ෂාවයි. එබැවින් ඔහු අද තරගයට පිවිසියේ ලකුණු රැස් කිරීමේ පීඩනයක් ඇතිවය. 

තම 110 වැනි ටෙස්ට් තරගයේදී පීඩනයට ලක්ව සිටියද, වෝනර් ක්‍රීඩා කළේ සුපුරුදු අවිචාරශීලී විලාසයෙනි. නරඹන්නන් 60,000 කට ආසන පහසුකම් ඇති පර්ත් ක්‍රීඩාංගණයේදී වෝනර්ගේ ඉනිම දැකගැනීමට පැමිණ සිටියේ 16,000 දෙනකු පමණි. 

පැට් කමින්ස් කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීමට තීරණය කළ පසු, ෂහීන් ෂා අෆ්රිඩිගේ ආරම්භක ඕවරයේ පළමු පන්දුවෙන්ම තනි ලකුණක් ලබා ගත් වෝනර් එතැන් සිට ආපසු හැරී බැලුවේ නැත. වෝනර් සිය අර්ධ ශතකය ලබා ගත්තේ 41 වැනි පන්දුවේදී ෆහීම් අෂ්රෆ් හමුවේ හතරේ පහරක් ගසමිනි. එහෙත් දිවා ආහාරයෙන් පසු වමත් පිතිකරුවා සිය 26 වැනි ටෙස්ට් ශතකය කරා ගමන් කළේ තරමක් මන්දගාමීවය. 

පසුගිය වසරේ මෙල්බර්න් පිටියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 200ක් ලබා ගැනීමෙන් පසු වෝනර් ලබාගත් පළමු ටෙස්ට් ශතකය මෙයයි. ශහීන් ෂා අෆ්රීඩි හමුවේ ටෙස්ට් පිටියේදී මෙතෙක් නොදුටු අපූර්ව පහරක් ගැසූ වෝනර් කලකට අමතක නොවන සිහිවටනයක් පන්දු යවන්නාට මෙන්ම සීමිත නරඹන්නන් පිරිසටද තිළිණ කළේය. 

මානස් ලැබුෂේන් (16) සහ ස්ටීව් ස්මිත් (31) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය නමුත් ට්‍රැවිස් හෙඩ් තරමක් වේගවත් ආකාරයෙන් ලකුණු 40 ක් ලබාගත්තේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 300 කඩයිමෙන් එතෙර කරවමිනි. 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 5 ට 346 යි
(ඩේවිඩ් වෝනර් 164, උස්මන් කවාජා 41, මානස් ලැබුෂේන් 16, ස්ටීවන් ස්මිත් 31, ට්‍රැවිස් හෙඩ් 40, මිචෙල් මාෂ් නොදැවී 15, ඇලෙක්ස් කේරි නොදැවී 14, ආමිර් ජමාල් 63/2)

- 213


අදහස් (0)

වෝනර්ගෙන් විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.