Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොට්සන් චෙන්නායි පිලට ජය ගෙනෙයි

වොට්සන් චෙන්නායි පිලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂේන් වොට්සන්ගේ (96) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර චෙන්නායිහිදී අද (23 වැනිදා) පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල ඕවර 19.5 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
 
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ෂේන් වොට්සන් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 96 ක් රැස්කරමින් චෙන්නායි පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය.
 
සුරේෂ් රයිනා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 45 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ෂේන් වොට්සන් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී ලකුණු 80 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
 
පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 175 ක් රැස්කිරීමට සමත්විය.
 
අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වු ඬේවිඞ් වෝනර් සහ මනිෂ් පාණ්ඬේ දෙවැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 115 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් හයිද්‍රාබාද් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
 
මනිෂ් පාණ්ඬේ පන්දු 83 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් සහ ඬේවිඞ් වෝනර් පන්දු 45 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත්වූහ.
 
චෙන්නායි පිලේ එක් වෙනස්කමක් සිදුකරමින් ශර්දුල් ඨාකූර් වෙනුවට හර්බජං සිං කණ්ඩායමට එක්කර ගෙන ඇති අතර හයිද්‍රාබාද් පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ශබාස් නදීම් සහ කේන් විලියම්සන් වෙනුවට මනිෂ් පාන්ඬේ සහ සකීබ් අල් හසන් කණ්ඩායමට එක්වූහ.
 
කාසියේ වාසිය ලැබූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
 
 
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 175
(ඬේවිඞ් වෝනර් 57, මනිෂ් පාණ්ඬේ නොදැවී 83 , විජේ සංකර් 26 , හර්බජන් සිං 39/2)
 
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.5 කදී කඩුලු 4 ක් දැවී 176
(ෂේන් වොට්සන් 96, සුරේෂ් රයිනා 38, අම්බති රයිදු 21)

අදහස් (0)

වොට්සන් චෙන්නායි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.