Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්සය ඉහළට - ඕස්ට්‍රේලියාව පහළට
ලෝක කුසලාන රග්බි

වේල්සය ඉහළට - ඕස්ට්‍රේලියාව පහළට

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ වී දින 9 කට පසුව කරන ලද අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව වේල්සය සහ ෆිජී කණ්ඩායම් ස්ථානයක් බැගින් ඉහළට නැඟගත්හ. එහෙත් අන්තර්ජාතික රග්බි පිටියේ ශක්තිමත් බල කඳවුරක් වන ඕස්ට්‍රේලියාව හත්වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විටත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටි අයර්ලන්තය තවමත් තමන්ගේ ස්ථානය රැකගෙන සිටී. මේ අතර අන්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ කීර්තිමත් කණ්ඩායමක් වන ‘ඕල් බ්ලැක්ස්’ හෙවත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටී.

2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය ප්‍රංශයේදී පැවැත්වෙයි. පසුගිය 9 වැනිදා ආරම්භ වූ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රංශයත්, ‘බී’ කාණ්ඩයෙන් අයර්ලන්තයත්, ‘සී’ කාණ්ඩයෙන් වේල්සයත් ‘ඩී’ කාණ්ඩයෙන් එංගලන්තයත් පෙරමුණ ගෙන සිටිති.

මේ සතියේදී පැවැත්වෙන තරග අතුරින් වඩාත්ම තීරණාත්මක තරගය වන්නේ ලබන ඉරිදා (24 වැනිදා) අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයයි. දකුණු අප්‍රිකාව වත්මන් ලෝක ශූරයන් වන අතර අයර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ පළමුවැනි ස්ථානය හිමිකරගෙන සිටින කණ්ඩායමයි.

ප්‍රංශය සහ නැමීබියාව අතර හෙට (21 වැනිදා) පැවැත්වෙන තරගයේදී සුපුරුදු පරිදි ප්‍රංශ ක්‍රීඩකයෝ පිඹුරු දඩයමක යෙදෙනු ඇතැයි යන්න පොදු අපේක්‍ෂාවයි. ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ප්‍රංශය මේ දක්වා ලකුණු 54 ක් රැස්කරගෙන තිබේ. එහෙත් ප්‍රංශ ක්‍රීඩකයන් හමුවේ ප්‍රතිවාදීන් ලබාගෙන ඇත්තේ ලකුණු 25 ක් පමණි. තවමත් එකම ලෝක කුසලාන රග්බි තරගයක් හෝ ජයගෙන නැති නැමීබියාව හමුවේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ප්‍රංශය උත්සාහ කරනු ඇත.

- 213

 


අදහස් (0)

වේල්සය ඉහළට - ඕස්ට්‍රේලියාව පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.