Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි20 තරගාවලියේ ජයත් බංග්ලාදේශයට

විස්සයි20 තරගාවලියේ ජයත් බංග්ලාදේශයට

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෞම්‍ය සර්කාර්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහිදි අද (25 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය කඩුලු 5 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද බංග්ලාදේශයට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් රැස්කිරීමට සමත්විය. එහිදි වේගවත් පිතිහරඹයක නිරතවූ වෙස්ලි මධීවේරී, රෙජිස් චකබ්වා සහ රයන් බර්ල් සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වුහ.

වෙස්ලි මධීවේරී පන්දු 36 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක්ද, රෙජිස් චකබ්වා පන්දු 22 කදී හයේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් සහ රයන් බර්ල් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 31 ක් රැස්කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 19.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සෞම්‍ය සර්කාර් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් ලබාගත්තේය.

මැදපෙළ පිතිකරු ශමීම් හුසේන් පන්දු 15 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

බ්ලෙසින්ග් මුසරබානී සහ ලුක් ජෝන්ග්වේ කඩුලු 2 බැගින් දවාගත්තද බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් වූහ.


සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193
(තදිවනාෂී මරුමානී 27, වෙස්ලි මධීවේරී 54, රෙජිස් චකබ්වා 48, ඩිවෝන් මයර්ස් 23, රයන් බර්ල් නොදැවී 31, සෞම්‍ය සර්කාර් 19/2)

බංග්ලාදේශය - ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී 194
(සෞම්‍ය සර්කාර් 68, සකීබ් අල් හසන් 25, මහ්මුදුල්ලා 34, ශමීම් හුසේන් නොදැවී 31, බ්ලෙසින්ග් මුසරබානී 27/2, ලුක් ජෝන්ග්වේ 42/2)

- 2079

 


අදහස් (0)

විස්සයි20 තරගාවලියේ ජයත් බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.