Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විනිසුරුට අවනත නොවූ වනිඳුට දැඩි අවවාද

විනිසුරුට අවනත නොවූ වනිඳුට දැඩි අවවාද

editorial - 2022 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ආචාර ධර්ම පද්ධතියේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට දැඩි ලෙස අවවාද කිරීමට තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා පියවර ගෙන ඇත.

එහිදී වනිඳු, ක්‍රීඩකයන් සහ ක්‍රීඩකයන්ගේ සහයක් පිරිස් සඳහා වන අන්තර් ජාතික ජාතික ක්‍රිකට් සභාවේ ආචාර්ය ධර්ම පද්ධතියේ 2.8 වගන්තය කඩ කර ඇති අතර ‘ජාත්‍යන්තර තරගයකදී විනිසුරු තීරණයකට අප්‍රසාදය පළ කිරීම’ එම වගන්තියට අන්තර්ගත වේ.

අවසන් මාස 24 ක (අවුරුදු 2 ක) කාලය තුළ වනිඳු අතින් සිදුවූ පළමු වරද මෙය වන බැවින් අවවාද කිරීමට අමතරව වනිඳුගේ විනය වාර්තාවට ඍණ ලකුණක් එක් කිරීමටද තරග තීරකවරයා තීරණය කර ඇත.

ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 26 වැනි ඕවරයේදී මෙම සිදුවීම දක්නට ලැබුණ අතර පිටියේ විනිසුරුවරයාගේ තීරණය වෙනස් කිරීමට තෙවැනි විනිසුරුවරයා කටයුතු කිරීමත් සමග වනිඳු, දර්ශන තිරය වෙත අත දිගු කරමින් ඒ පිළිබඳව සිය අප්‍රසාදය පළ කර සිටියේය.

එහිදී වනිඳුගේ පන්දුවක් හමුවේ තමා කඩුල්ල මුවාකරමින් දැවී ගිය බවට පිටියේ විනිසුරුවරයා ලබාදුන් තීරණයක් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය භාවිතා කරමින් තෙවැනි විනිසුරුවරයා වෙත යොමු කිරීමට නජිබුල්ලා සද්‍රාන් පියවර ගත් අතර එය නොදැවී යෑමක් බවට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ රවින්ද්‍ර විමලසිරි මහතා තහවුරු කළේය.

සිදුවීම සම්බන්ධයෙන් වනිඳු වරද පිළිගත් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව තරග තීරක මඩුගල්ලේ මහතා අන්තර් ජාතික ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දී ඇත. පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ නිතින් මෙනන්, ලින්ඩන් හැනිබල්, තෙවැනි විනිසුරු රවින්ද්‍ර විමලසිරි සහ සිවුවැනි විනිසුරු රුචිර පල්ලියගුරු යන මහත්වරු මඩුල්ගල්ලේ මහතා හමුවේ මෙම සිදුවීමට අදාලව වනිඳුට එරෙහිව චෝදනා ගොනු කළහ.

ආචාර්ය ධර්ම පද්ධතියේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම වෙනුවෙන් ක්‍රීඩකයකුට දැඩි ලෙස අවවාද කිරීමටත්, තරග ගාස්තුවෙන් 50% ක උපරිමයක් දක්වා දඩ නියම කිරීමටත්, ඍණ ලකුණක් හෝ දෙකක් ලබාදීමටත් තරග තීරකවරයාට බලතල හිමිවනු ඇත.

 


අදහස් (0)

විනිසුරුට අවනත නොවූ වනිඳුට දැඩි අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.