Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැඩිම ලකුණු ලාභියා ජනිත් : කඩුලු ලාභියා අකිල
අන්තර් සමාජ මේජර් ලීග්

වැඩිම ලකුණු ලාභියා ජනිත් : කඩුලු ලාභියා අකිල

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 70 ක් නිමාවට පත්වන විට වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේද, වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අකිල ධනංජයද සමත්ව සිටියි. 

මේ දක්වා තරග 6 කට ක්‍රීඩා කර ඇති ජනිත් ලකුණු 383 ක් ලබා සිටින්නේ ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගිනි. එහිදී හයේ පහර 16 ක් සහ හතරේ පහර 27 ක් එල්ල කර ඇති ජනිත්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 63.83 ක් ලෙසද, ප්‍රහාරාත්මක වේගය 98.71 ක් ලෙසද සටහන් වේ. 

ගාල්ල කණ්ඩායමේ නායක ඉරෝෂ් සමරසූරිය තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 357 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 314 ක් ලබාගනිමිනි. 

අකිල ධනංජය තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 6 දී කඩුලු 17 ක් බිඳහෙළමිනි. ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගැනීම එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 9.76 ක අගයක් ගනී. 

බදුරලිය කණ්ඩායමට ක්‍රීඩා කරන ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක පර්වේස් රසූල්ද තරග 5 කදී කඩුලු 17 ක් දවාගෙන ඇති නමුත් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔහු වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත. මුවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් තරග 7 කදී කඩුලු 15 ක් දවාගනිමින් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 


අදහස් (0)

වැඩිම ලකුණු ලාභියා ජනිත් : කඩුලු ලාභියා අකිල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.