Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා චරිත් අසලංක

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා චරිත් අසලංක

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/15) ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන 2015’ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.

චරිත් ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩක යන සම්මාන දෙක දිනා ගත්තේය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ අනු ශූරතාව සහ දක්‍ෂතම පිතිකරු යන සම්මාන දෙකම දිනා ගත්තේය. මහනුවර ත‍්‍රිත්ව විදුහල ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව කොළඹ තර්ස්ටන් විදුහලට හිමිවිය.

කොළඹ ඩිලාසාල් විදුහල පසුගිය වසරේ නැගී එන පාසල් කණ්ඩායම ලෙස සම්මාන හිමිකර ගත්තේය.

සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි යන මහත්වරු සහභාගි වූහ.


පළමු කොටසේ විශේෂ සම්මාන

වසරේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල), අනුශූරතාව - අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල)

දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල), අනුශූරතාව - සචින්ත පීරිස් (කුරුණෑගල මලියදේව විදුහල)

දක්‍ෂතම පිතිකරු
ශූරතාව - අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), අනුශූරතාව - අකිල් ඉන්හම් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)

දක්‍ෂතම පන්දු යවන්නා
ශූරතාව - දිලීප ආකාෂ් (කඳාන මැසිනොද් විදුහල), අනුශූරතාව - තරිඳු රත්නායක (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)

දක්‍ෂතම පන්දු රකින්නා
ශූරතාව - කවිඳු රත්නායක (මහනුවර ධර්මරාජ විදුහල), අනුශූරතාව - ජම්මික ධරණ (කොළඹ ලූම්බිණි විදුහල)

සීමිත  ඕවර අවසන් තරගයේ විරයා: සමූ අෂාන් (කොළඹ ආනන්ද විදුහල)
විස්සයි20 අවසන් තරගයේ විරයා: තුළිණ ඩිල්ෂාන් (කොටහේන ශාන්ත බෙනඩික් විදුහල)

පළමු කොටසේ ලීග් තරගාවලිය
ශූරතාව - මහනුවර ත‍්‍රිත්ව විදුහල, අනුශූරතාව - කොළඹ තර්ස්ටන් විදුහල, තෙවැනි ස්ථානය - කොළඹ ලූම්බිණි විදුහල, සිවුවැනි ස්ථානය - මීගමුව ශාන්ත පීතර විදුහල සහ පස්වැනි ස්ථානය - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

සීමිත ඕවර තරගාවලිය
ශූරතාව - කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, අනුශූරතාව - කොළඹ ආනන්ද විදුහල

විස්සයි20 තරගාවලිය
ශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, අනුශූරතාව - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ තෙවැනි ස්ථානය - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

වසරේ නැගී එන කණ්ඩායම - කොළඹ ඩිලාසාල් විදුහල  


 

 

 

 

 

 

 

 

 

 


ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් දක්‍ෂතම පිතිකරු ශූරතාව අවිෂ්ක ප‍්‍රනාන්දු කුසලාන ලබාගත් අවස්ථාව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් දක්‍ෂතම පන්දු රකින්නා ශූරතාව කාවින්ද රත්නායක කුසලාන ලබාගත් අවස්ථාව.

ඡායාරූප: ශාන්ත රත්නායක


අදහස් (0)

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා චරිත් අසලංක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.