Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු බැංගලෝර් පිල දිනවයි
අයි.පී.එල් - 2022

වනිඳු බැංගලෝර් පිල දිනවයි

editorial - 2022 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වනිඳු හසරංගගේ (20/4) දක්ෂ පන්දූ යැවිම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව මුම්බායිහිදී ඊයේ අද (30 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලකක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.2 කදී කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ශර්ෆේන් රදර්ෆර්ඞ් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 28 ක් ලබාගත් අතර ශබාස් අහ්මඞ් පන්දු 20 කදී හයේ පහර තුනක් සමගින් ලකුණු 27 ක් ලබාගත්තේය.

ටිම් සවුති කඩුලු 3 ක් සහ උමේෂ් යාදව් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.

ඔන්ඩි්‍ර රසල් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 25 ක් සහ උමේෂ් යාදව් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 18 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසුකිරීමට පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය ඕවර 4 තුල ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ආකාශ් දීප් කඩුලු 3 ක් සහ හර්ෂල් පතෙල් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය වනිඳු හසරංග විසින් දිනාගන්නා ලදී.

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී 128
(ඔන්ඩි්‍ර රසල් 25, වනිඳු හසරංග 20/4, ආකාශ් දීප් 45/3, හර්ෂල් පතෙල් 11/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 19.2 කදී කඩුලු 7 ක් දැවී 132
(ශර්ෆේන් රදර්ෆර්ඞ් 28, ශබාස් අහ්මඞ් 27, ටිම් සවුති 20/3, උමේෂ් යාදව් 16/2)

 

- 2079


අදහස් (0)

වනිඳු බැංගලෝර් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.