Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු නැවතත් ටෙස්ට් සංචිතයට

වනිඳු නැවතත් ටෙස්ට් සංචිතයට

editorial - 2024 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බංග්ලාදේශයට එරෙහිව එරටදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවීමට උපුල් තරංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

සීමිත ඕවර තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඉකුත් වසරේ (2023) අගෝස්තු මස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කළ වනිඳු, අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2021 වසරේ අප්‍රේල් මාසයේ බංග්ලාදේශයට එරෙහිවය. 

2020 වසරේ දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගැනීමෙන් අනතුරුව ටෙස්ට් තරග 4 කට ක්‍රීඩා කළ වනිඳු, ඉනිම් 7 ක් තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4 කි. ටෙස්ට් තරගයකදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 100.75 ක අගයක් ගනී. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රභාත් ජයසූරියට සහ රමේෂ් මෙන්ඩිස්ට අමතරව තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස්ටද මෙම සංචිතයේ ස්ථානයක් හිමව ඇත. 
පළමු පෙළ තරග 37 කට ක්‍රීඩා කර ඇති නිෂාන් පීරිස්, ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 10 ක් සහ තරගයකදී කඩුලු 10 බැගින් දවාගත් එක් අවස්ථාවක්ද සමග දවාගෙන ඇති මුලු කඩුලු සංඛ්‍යාව 153 කි. එහිදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 24.79 ක රඳවාගැනීමටද ඔහු සමත්ව ඇත. 

තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු ළහිරු උදාර අතිරේක පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නෝ වෙති. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය 
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජත, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික ගුණසේකර 

 


අදහස් (0)

වනිඳු නැවතත් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.