Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 230 කට සීමා කරමිනි.  

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පන්දු 143 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 112 ක් රැස්කිරීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔහුට නොහැකි විය.

කොලින් මුන්රෝ (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 92 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමට විලියම්සන් සමත් වුවද, මුන්රෝගේ දැවී යෑමෙන් අනතුරුව සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යෑම නිසා නවසීලන්ත කණ්ඩායමට තරගය ජයගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

එහෙත් සිය උත්සාහය අත්නොහළ විලියම්සන්, නවසීලන්ත ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිචෙල් සෑන්ට්නර් (41) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 126 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කෙසේ වුවත් සෑන්ට්නර් දුවද්දී දවාගැනීමකට හසුකරගත් ක්‍රිස් වෝක්ස්, නවසීලන්ත කණ්ඩායමේ අවසන් ඕවරයද ඉතා සාර්ථක ලෙස නිමාකරමින් විලියම්සන්ගේ බලාපොරොත්තු සුන් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ඔයින් මොගන් පන්දු 71 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. බෙන් ස්ටෝක්ස් හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද, ජොස් බට්ලර් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


එංගලන්ත පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 234
(ජොනී බෙයාස්ට්‍රෝ 19, ජෝ රූට් 20, ඔයින් මෝගන් 48, බෙන් ස්ටෝක්ස් 39, ජොස් බට්ලර් 29, ක්‍රිස් වෝක්ස් 16, ටේ‍රන්ට් බෝල්ට් 47/2)

නවසීලන්ත පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 230
(කොලින් මුන්රෝ 49, කේන් විලියම්සන් නොදැවී 112. මිචෙල් සෑන්ට්නර් 41, මුයින් අලී 36/3, ආදිල් රෂීඞ් 34/2, ක්‍රිස් වෝක්ස් 40/2)


- 036


අදහස් (0)

විලියම්සන්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.