ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ (2016) දක්‍ෂතම ක්‍රීඩකයා මෙන්ම තරගාවලියේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මාන දෙකම උස පැනීමේ ශූර මංජුල කුමාර දිනා ගත්තේය.
රියෝ ඔලිම්පික් වරම් හිමිකර ගැනීම සඳහා උස පැනීම තේරීම් තරගයකට අවසන් මොහොතේ සහභාගි වු මංජුල, එයින් ද අසාර්ථක විය. කෙසේ වෙතත් මංජුලගේ දස්කම් තරගාවලියේ සමස්ත ක්‍රීඩා ඉසව්වන් අතර ඉදිරියෙන්ම සනිටුහන්විය.
හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) නිමා වු මෙම තරගාවලියේ කාන්තා අංශයෙන් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ යු. කේ. එන්. රත්නායක තේරී පත්වුවාය.
නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි අජන්ත සෙනවිරත්න මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවිය.
සම්මානලාභී දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:
■ කඩුලු පැන දිවීම දක්‍ෂතම ක්‍රීඩකයා: (ඩන්කන් වයිට් අභියෝග කුසලාන) - එස්.එම්.අරවින්ද චතුරංග (යුද හමුදාව, මීටර 400 කඩුලු පැන දිවීම, ලකුණු 1012)
■ කඩුලු පැන දිවීම දක්‍ෂතම ක්‍රීඩිකාව: (ග්ලුකෝ ලයින් අභියෝග කුසලාන) -- ඊ.කේ.මධුෂානී (යුද හමුදාව, මීටර 400 කඩුලු පැන දිවීම, ලකුණු 988)
■ විසි කිරීමේ ඉසව්වන්ගේ දක්‍ෂතම ක්‍රීඩකයා: (සී. සී. දිසානායක අභියෝග කුසලානය) - ආර්. පී .ඩබ්. එල්. දයාරත්න (යුද හමුදාව, හෙල්ල විසි කිරීම, ලකුණු 1036)
■ විසි කිරීමේ ඉසව්වන්ගේ දක්‍ෂතම ක්‍රීඩිකාව: (සැලෝන්ස් ප්‍රේ අභියෝග කුසලානය) - එච්.එල්.එන්.ඩී.ලේකම්ගේ (යුද හමුදාව, හෙල්ල විසි කිරීම, ලකුණු 986)
■ පැනීමේ ඉසව්වන්ගේ දක්‍ෂතම ක්‍රීඩකයා: (එන්.එම්.වාසගම් අභියෝග කුසලානය) - මංජුල කුමාර (ගුවන් හමුදාව, උස පැනීම, ලකුණු 1126)
■ පැනීමේ ඉසව්වන්ගේ දක්‍ෂතම ක්‍රීඩිකාව: (හැටන් බැංකු අභියෝග කුසලානය) - එල්. එස්. සිල්වා (යුද හමුදාව, දුර පැනීම, ලකුණු 996)
■ කෙටි දුර ධාවන ශූරයා (හෝර්ලික්ස් අභියෝග කුසලානය) - රුවන් කුමාර (යුද හමුදාව, මීටර 400, ලකුණු 1023)
■ කෙටි දුර ධාවන ශූරිය (චන්දි කන්නන්ගර අනුස්මරණ කුසලානය) - එල්.ඒ.නිමාලි (ගුවන් හමුදාව, මීටර 400, ලකුණු 1022)
■ උස පැනීම ඉසව්වේ ශූරයා (ඇන්තනී අබේසිංහ අභියෝග කුසලානය) - මංජුල කුමාර (ගුවන් හමුදාව, මීටර 2.24, ලකුණු 1126)
■ මැදි දුර ධාවන ශූරිය (ග්‍රේ ලයින් අභියෝග කුසලානය) - නිමාලි ලියනආරච්චි (ගුවන් හමුදාව, ලකුණු 1069)
■ මැදිදුර සහ දිගු දුර ධාවන ශූරයා (අග්‍රාණ්ඩුකාර කුසලානය) - ඉඳුනිල් හේරත් (යුද හමුදාව, මීටර 800, ලකුණු 1015)
■ දිගු දුර ධාවන ශූරිය (හක්ලිස් වින්ටජිනෝ අභියෝග කුසලාන) - යු. කේ. එන්. රත්නායක (යුද හමුදාව, මීටර 3000, ලකුණු 1070)
■ කාන්තා ඉසව්වන්ගේ ශූරිය (කොළඹ කැන්ටින් අභියෝග කුසලාන) - යු. කේ. එන්. රත්නායක (යුද හමුදාව, මීටර 3000 බාධක මැදින් දිවීම, ලකුණු 1070)
■ දක්‍ෂතම ක්‍රීඩකයා (විල්ටන් බාර්ලට් අභියෝග කුසලාන) - මංජුල කුමාර (ගුවන් හමුදාව, උස පැනීම, ලකුණු 1126)
■ පිරිමි සහ කාන්තා දෙඅංශයේ ඉසව්වන් අතරින් විශිෂ්ටයා: (ටෙලිකොම් අභියෝග කුසලාන) - මංජුල කුමාර (ගුවන් හමුදාව, උස පැනීම, ලකුණු 1126)
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.