Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක පාපන්දු ලොක්කා වීමට 5 දෙනෙක් සටනේ

ලෝක පාපන්දු ලොක්කා වීමට 5 දෙනෙක් සටනේ

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී අද (26) පැවැත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම හා නිලවරණය කෙරෙහි මුළු ලොවේම අවධානය යොමුවී පවතී. 1998 සිට එහි සභාපති ධුරය අඛණ්ඩව හෙබවූ ජෝශප් බ්ලැටර් මහතා අනපේක්ෂිත ලෙස වසර අටක තහනමකට ලක්වීමෙන් හදිසි නිලවරණයක් කැඳවීමට අන්තර්ජාතික පාපන්දු සමුළුවට සිදු විය.


1998 සිට ලෝක පාපන්දුවේ සර්ව බලධාරියා ලෙස පෙනී සිටි බ්ලැටර් මහතාගේ හදිසි ඉවත්වීමෙන් ඒ තැනට පත්වන තැනැත්තා කෙරෙහි අද මුළු ලොවේම අවධානය යොමුවී පවතී.


අද පැවැත්වෙන අති විශේෂ නිලවරණය සඳහා අපේක්ෂකයෝ පස් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.


ආසියානු පාපන්දු සමුළුවේ සභාපති ෂෙයික් සල්මන් බින් ඉබ‍්‍රහිම් අල් කලීෆා, අන්තර්ජජාතික පාපන්දු සම්මේලනෙයේ හිටපු උපසභාපති අලි අල් හුසේන් කුමරු, යුරෝපා පාපන්දු සංගයේ මහ ලේකම් හා එහි විධායක නිලධාරි ගියානි ඉන්ෆැන්ටිනෝ, අන්තර්ජාතික පාපන්දු සම්මෙලනයේ හිටපු සභාපති බ්ලැටර්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ජෙරමි චැම්පේන් සහ අප‍්‍රිකානු පාපන්දු ලීගයේ සභාපති ටෝකියෝ සෙක්ස්වෙල් මෙවර සභාපතිධූරය සඳහා තරග කරති.


මොවුන් අතරින් සටන පවතින්නේ ෂෙයික් අල් කලීෆා මහතා හා ගියානි ඉන්පැන්ටිනෝ මහතා අතර බවත් එය කොතෙක් ද යත් දෙවැනිවර ඡුන්ද විමසුමකට පවා යාමට සිදුවනු ඇති බවත් සුරිච් නුවරින් ඊයේ ලැබුණු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිණ.


අන්තර්ජජාතික පාපන්දු සම්මේලනෙයේ සභාපතිවරයා තෝරා ගැනීමේදී මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් ලබා ගැනීමට කිසියම් අපේක්ෂකයකු අපොහොසත් වන්නේ නම් අනතුරුව වැඩිම ඡුන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර නැවත ඡුන්ද විමසීමක් පවත්වා සභාපති ධුරය සඳහා සුදුස්සා තෝරාගනු ලැබේ.


පසුගිය වසරේ මැයි 3 වැනිදා පැවැති අන්තර්ජජාතික පාපන්දු සම්මේලනෙයේ නිලවරණයේදීත් එය සිදු වූ අතර එහිදී ඡුන්ද විමසුමේ පළමු වටයේදී බ්ලැටර් මහතා තුනෙන් දෙකක ඡුන්දය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් දෙවැනි වර ඡුන්ද විමසුමකට යාමට සිදුවිය.


ඔහු සමග එදා තරග වැදුණු අපේක්ෂකයා වූ අලි අල් හුසේන් කුමරු එහිදී ඡුන්ද 73 ක් ලබා ගත් අතර බ්ලැටර් මහතා ඡුන්ද 133 ක් ලැබීය.

 

●●●

 


අදහස් (0)

ලෝක පාපන්දු ලොක්කා වීමට 5 දෙනෙක් සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.