Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ඇතිව තිබෙන බරපතල ගැටලු හේතුවෙන් නම්කරන ලද ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමේ සූදානමත් ඇතැයි වාර්තාවේ. මේ වනවිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ පැවැති පළමු තරග 2 ට ක්‍රීඩා නොකළ හර්දික් පාණ්ඩ්‍යා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර පැවැති තරග 2 ට ක්‍රීඩා කළද පන්දු යැවීමෙන් වැලකී සිටියේය.
හර්දික් පාණ්ඩ්‍යා වෙනුවට ශර්දුල් ඨාකූර් හෝ ශ්‍රියාස් අයියර් ආදේශකයන් ලෙස ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන සංචිතයට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියාවේ බැරෝඩා ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන හර්දික් පාණ්ඩ්‍යා ඔහුගේ පිතිහරඹය පමණක් පදනම් කරගනිමින් පන්දු යැවීමෙන් වැලකී සිටීම නොකළ යුතු බව බොහෝ ප්‍රවීණයන් විසින් බොහෝ කලක සිට ප්‍රකාශ කර ඇත.
හර්දික්ට පූර්ණ ශාරීරික යෝග්‍යතාවය ලබා ගැනීමට යම් කාලයක් අවශ්‍ය වූ බවත් එම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පළමු තරඟ දෙක සඳහා තම කණ්ඩායමෙන් ඉවත් කළ බවත් මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ෂේන් බොන්ඞ් මහතා පැවසීය.
“අපි පැහැදිලිවම අපේ කණ්ඩායමේ අවශ්‍යතා සහ ඉන්දියානු කණ්ඩායමේ අවශ්‍යතා ද සමබර කරමින් සිටිනවා. මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට පමණක් නෙවේ. ඉදිරියට එන ලෝක කුසලාන තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින් සංචිතයේ සිටින ක්‍රීඩකයන් පිළිබඳව සොයා බලනවා” යැයි බොන්ඞ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
හර්දික් පාණ්ඩ්‍යාට අවසන් ඕවර කිහිපය තුල වේගයෙන් ලකුණු ලබාගත හැකිවාක් මෙන්ම තරගයක් ජයග්‍රහණයෙන් අවසන් කිරීමටත්, තීරණාත්මක ඕවර 4 ක් යවමින් නායකයාට සහයවීමටත් සුවිශේෂී හැකියාවක් ඇත. පන්දු යවන්නකුට වෙහෙස නොදැනෙන විස්සයි20 තරඟයකදී වුවද පන්දු යැවීමට තරම් ඔහු සුදුසු නොවේ නම් ඔහු ගැන නැවත සලකා බැලිය යුතුය යන මතයට ඉන්දීය ක්‍රිකට් තේරීම් නිලධාරීහු පැමිණ සිටිති.
ඔහුගේ පිටකොන්දේ කරන ලද සැත්කමේ සිට පන්දු යවන්නේ කුමන තරඟ වලද යන්න තෝරා ගැනීමේ නිදහස හර්දික් පාණ්ඩ්‍යාට ලබා දී ඇත. එයට මූලික හේතුව සාමාන්‍යයෙන් ඔහුගේ වෙහෙස කළමනාකරණය කර ගැනීමටයි. එහෙත් ඔහු බොහෝ විට ක්‍රීඩා කරන 11 දෙනා අතරට නුසුදුසු වන අතර එය ඔහුගේ දක්ෂතාවයට ද බලපා ඇත.
හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමට ඇතුළත් කිරීම යනු ඉන්දියානු කණ්ඩායමට විශාල සමබරතාවයක් සැපයීමයි. 27 හැවිරිදි වියේ පසුවන හර්දික් පාණ්ඩ්‍යා තරම් පන්දුව දෝලනය කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඔවුන් සතුව නැත.
ඔක්තෝබර් 10 වැනිදා දක්වා සියළුම කණ්ඩායම් වලට තම විස්සයි20 ලෝක කුසලාන සංචිතය වෙනස් කිරීමේ අවස්ථාව ඇත. එබැවින් ඕවර 4 ක් යවමින් නායකයාට සහය ලබා දීමට හර්දික් පාණ්ඩ්‍යාට නොහැකි නම්, ශර්දුල් ඨාකූර් හෝ ශ්‍රීයාස් අයියර් සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ ඇත. ඔවුන් දෙදෙනාම ඉන්දීය සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇතුළත් කර ඇති අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි කාලය තුළ හර්දික් පාණ්ඩ්‍යා ඉදිරියට යන ආකාරය අනුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඔහුගේ ස්ථානය තීරණය වනු ඇත.
ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පන්ට්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජදේජා, රාහුල් චාහර්, රවිචන්ද්‍රන් අශ්වින්, අක්ෂර් පතෙල්, වරුන් චක්‍රවර්ති, ජස්ප්‍රිට් බුම්රා, බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඞ් ෂාමි.
අතිරේක ක්‍රීඩකයන්
ශ්‍රේයාස් අයියර්, ශර්දුල් ඨාකූර් සහ දීපක් චාහර්.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.