Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන ආජන්ටිනාවට
කටාර් - 2022

ලෝක කුසලාන ආජන්ටිනාවට

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4-2 ක තියුණු ජයක් ලැබූ ආජන්ටිනාව වසර 36 කට පසුව ලෝක පාපන්දු කුසලාන දීනා ගැනීමට ඊයේ (18) රාත්‍රියේ කටාරයේ ලුසායිල් ක්‍රීඩාංගනයේදී සමත් විය.

වසර 1986 දී දියාගෝ මැරඩෝනාගේ නායකත්වයෙන් ආජන්ටිනාව ලෝක පාපන්දු කුසාලන දිනා ගැනීමෙන් පසුව ඊයේ ආජන්ටිනාව 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දිනාදීමට මග පෙන්වූ නායක 35 හැවිරිදි ලයනල් මෙසී සිය දිවියේ අවසන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් 23 වැනි විනාඩියේදී දඬුවම් පහරක් මගින් හා 108 වැනි විනාඩියේදී තවත් ගෝලයක්ද රැස් කරමින් මෙම තරගයේ ගෝල දිවිත්වයක් ලැබීමට සමත්විය.

කෙසේවුවත් එන්ජල් ඩී මාරියා 36 වැනි විනාඩියේදී රැස්කළ ගෝලයෙන් තරගයේ 80 වැනි විනාඩිය දක්වා තරගය ජයග්‍රහණය කර සිටි ආජන්ටිනාව  එයින් පසුව අපේක්ෂා නොකළ අත්දමේ ප්‍රංශයේ ප්‍රහාරයට ලක්විය. එහිදී නියමිත විනාඩි 90ක කාලයේදී හා අනතුරුව ප්‍රදානය කළ අතිරේක විනාඩි 30දීත් තරගය ගෝල් 3-3 ක් ලෙස සමවීමෙන් මෙලෙස ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර මගින්   විසඳා ගැණිනි.

මෙම තරගය අවසන් මොහොතේ ප්‍රංශයේ  වාසිය කරා ඇදී යාමට හේතු වූයේ එහි සුපිරි ක්‍රීඩක කයිලියන් බාපේ පළ කළ ඇදහිය  නොහැකි විශිෂ්ඨ දස්කම් හේතුවෙනි.

තරගයේ 80 වැනි විනාඩියේදී දඬුවම් පහරක්  සාර්ථක කර ගනිමින් පළමු ගෝලය වාර්තා කළ ඔහු එයින් නොනැවතී තවත් විනාඩියක් ඉක්මයාමට කලින් 81 වැනි විනාඩියේදී සිය දෙවැනි ගෝලය ලැබීය. ඔහු පාලනය කිරීමට එයින් පසුවද ආජන්ටිනාව අපොහොසත් වූ අතර අතිරේක කාලයේ 118 වැනි විනාඩියේදී තෙවැනි ගෝලයක් වාර්තා කළ බාපේ ඒ අනුව මෙම තරගයෙන් ඔවුන් පරාජය වුවත් මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි  රන් පාවාහන් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඒ මුළු තරගාවලිය පුරා ගොල් අටක් වාර්තා කරමිනි.

ආජන්ටිනා නායක ලයනල් මෙසී ​ඩොලර් මිලියන 40කට හිමිකම් කියන 22 වැනි ලෝක කුසලාන ඊයේ දිනා ගැනීමේදී ඔවුන් ලෝක කුසලාන දිනා ගත් තෙවැනි අවස්ථාව මෙයයි. ආජන්ටිනනුවන් හය වතාවක්ම ලෝක කුසලාන  අවසන් මහ තරගයට ප්‍රවේශ වී තිබේ.

ඊයේ ප්‍රංශයේ ගමන වැලැක්වීමෙන් ඔවුන්ට  පිට පිටම ලෝක කුසලාන දෙවරක්ම හිමිකර ගැනීමේ අවස්ථාව අහිමි වී ගියේය.

ආජන්ටිනාවේ ජනාධිපති බර්ටෝ ෆැර්ඩිනැන්ඩස් ඊයේ සිය නිවසේ සිට මෙම තරගය නරඹන අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ලුසියානා පිටියේ සිට එය නැරඹීය. ලුසියානා පිටියේදී තරගය නැරඹූ ප්‍රේක්ෂකයන් පිරිස 88966කි.

පෙරේදා (17) පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ ජය  මොරොක්කෝවට ගෝල 2-1 කට පරාජය කළ ක්‍රෝඒෂියාවට හිමි විය. ඒ අල්රයාන් කලිෆා පිටියේදීය.

 

(223)


අදහස් (0)

ලෝක කුසලාන ආජන්ටිනාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.