Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල් - සධීර යළිත් විස්සයි20 සංචිතයට

ලක්මාල් - සධීර යළිත් විස්සයි20 සංචිතයට

ශනුක අරවින්ද - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එරටදී පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ මුල් පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුද විස්සයි20 තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටිති.

අබාධයකට ලක්වීම නිසා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරාට දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමි වී ඇති අතර එක්දින තරගාවලියට සහභාගි වූ උපුල් තරංග, ඕෂද ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත යන ක්‍රීඩකයන්ට විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ සහ ලක්ෂාන් සඳකැන්

-036

 


අදහස් (0)

ලක්මාල් - සධීර යළිත් විස්සයි20 සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.