Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලංකා ෆයිට් ලීග් බොක්සිං තරග හෙට

ලංකා ෆයිට් ලීග් බොක්සිං තරග හෙට

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ෆයිට් ලීගය සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය එක්ව පළමු වරට සංවිධානය කරන බොක්සිං තරගාවලියක් හෙට (27 වැනිදා) පස්වරු 5.30 සිට රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිරිමි තරග 5 කින් සමන්විත මෙම තරගාවලියට කාන්තා තරග 3 ක් ඇතුළත් වේ. 

ලයිට් ෆ්ලයි (කි.ග්‍රෑ. 48), බැන්ටම් (කි.ග්‍රෑ. 54), ෆෙදර් (කි.ග්‍රෑ. 57), වෙල්ටර් (කි.ග්‍රෑ. 67) සහ මිඞ්ල් (කි.ග්‍රෑ. 75) යන බර පංති යටතේ එහිදී පිරිමි තරග පැවැත්වෙන අතර කාන්තා තරග පැවැත්වෙන්නේ ලයිට් ෆ්ලයි (කි.ග්‍රෑ. 48), බැන්ටම් (කි.ග්‍රෑ. 54) සහ ෆෙදර් (කි.ග්‍රෑ. 57) යන බර පංති යටතේය. 

අවසන් වරට පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේදී ඉහළ තරගකාරීත්වයකින් සමන්විත වූ බර පංති කිහිපයක අවසන් මහ තරග සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී තරග වැදීම සඳහා තෝරාගත් බව ශ්‍රී ලංකා බොංක්සිං සංගමයේ උප සභාපති හේමන්ත වීරසිංහ මහතා පැවසීය. 

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක්, ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක්, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනෙක් ඊට සහාගිවන අතර බැක්ටු ෆිට් බොක්සිං සමාජය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකුද, පොලිසිය, සහ හංවැල්ල රාජසිංහ බොක්සිං සමාජය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනකුද තරගාවලියට එක්ව සිටිති. 

අන්තර්ජාලය ඔස්සේ යඑඑචිථරැරැපහඒඉකැගකනරැ වෙබ් අඩවියට පිවිසීමෙන් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදීගත හැකි අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 2000 ක්ද, ප්‍රභූ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000 ක්ද වේ. එදින දොරටුවෙන්ද ප්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් මිලදී ගත හැකිය. 

මෙටර බොක්සිං ක්‍රීඩාවට නව මුහුණුවරක් එක් කරමින් ක්‍රීඩා ශීලීත්වය නංවාලීමත්, බොක්සිං ක්‍රීඩකයන් වෘත්තිකයන් බවට පත්කිරීමත් මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසති.


පිරිමි තරග
ලයිට් ෆ්ලයි (කි.ග්‍රෑ. 48) බර පංතිය 

එච්.එම්.එල්.පී. ජයවර්ධන (යුද හමුදාව) සහ ඩී.එච්. තිසරාරච්චි (බැක්ටු ෆිට් බොක්සිං සමාජය) 

 


බැන්ටම් (කි.ග්‍රෑ. 54) බර පංතිය 

ආර්.එම්.පී. ධර්මසේන (යුද හමුදාව) සහ කේ.වී.එල්. එරන්ද (ගුවන් හමුදාව) 

 


ෆෙදර් (කි.ග්‍රෑ. 57) බර පංතිය 

පී.ඒ.ආර්. ප්‍රසන්න (යුද හමුදාව) සහ පී.ජී.ඊ. මධුෂාන් (ගුවන් හමුදාව) 

 


වෙල්ටර් (කි.ග්‍රෑ. 67) බර පංතිය 

පී.එස්.පී.එස්. ප්‍රනාන්දු (යුද හමුදාව) සහ ඒ.එම්.ටී.එස්. අධිකාරි (නාවික හමුදාව) 

 


මිඞ්ල් (කි.ග්‍රෑ. 75) බර පංතිය 

කේ.ජී පද්මසිරි (යුද හමුදාව) සහ ඩබ්.එම්.ජී.කේ. ආරියරත්න (නාවික හමුදාව)

 

 

කාන්තා තරග

ලයිට් ෆ්ලයි (කි.ග්‍රෑ. 48) බර පංතිය 

එච්.කේ.එන්.එන්. පෙරේරා (යුද හමුදාව) සහ එස්.වී. රත්නපුලි (හංවැල්ල රාජසිංහ බොක්සිං සමාජය) 

 


බැන්ටම් (කි.ග්‍රෑ. 54) බර පංතිය 

එල්.අයි.එන්. මල්ෂානි (ගුවන් හමුදාව) සහ ආර්.එම්.වයි.ඩී.බී. මැණිකෙ (නාවික හමුදාව) 

 


ෆෙදර් (කි.ග්‍රෑ. 57) බර පංතිය 

කේ.කේ.අයි.ටී. පෙරේරා (ගුවන් හමුදාව) සහ ජී.ඩබ්.ජී.සී. තාරුකා (පොලිසිය) 


අදහස් (0)

ලංකා ෆයිට් ලීග් බොක්සිං තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.