Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලංකාවේ මංගල තරගාවලිය දෙසැම්බරයේදී
දහයයි-10 ක්‍රිකට්

ලංකාවේ මංගල තරගාවලිය දෙසැම්බරයේදී

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලංකා දහයයි-10 සමාරම්භක තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 දක්වා පැවැත්වෙන බව ‘ටී-ටෙන් ග්ලෝබල් ස්පෝට්ස්’ සමාගම අද (26 වැනිදා) නිවේදනය කළේය. මෙම තරගාවලිය 2023 වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට සූදානම් වූ නමුත් පසුව එය දෙසැම්බර් මාසය දක්වා කල්දමන ලදි. එහෙත් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. 

තරගාවලිය පැවැත්වීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට අන්තර්ජාතික තරග නොමැති කාලසීමාවකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෝ ද මෙම තරගාවලියේදී ක්‍රීඩා කරති. ශ්‍රී ලංකාවේ නැගී එන තරුණ ක්‍රීඩකයන්ට ද එහි අවස්ථාව හිමිවනු ඇත. 

“ක්‍රීඩාවේ විකාශනය වන ප්‍රවණතා සමඟින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති හැකියාව අනුව මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක එකක් වේවි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ප්‍රාදේශීය ක්‍රිකට් කේන්ද්‍රස්ථාන ආවරණය වන පරිදි පිරිමි කණ්ඩායම් හයක් තරගාවලියට සහභාගි වෙයි. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සිටිය යුතු අතර ඊට විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් කළ හැකිය. 

“ශ්‍රී ලංකාවටත් දහයයි-10 ක්‍රිකට් ගෙන ඒමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගයට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා” යයි ‘ටී-ටෙන් ග්ලෝබල් ස්පෝට්ස්’ සමාගමේ සභාපති ශාජි උල් මුල්ක් මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයකදී විදුලි ආලෝකය යටතේ තරග පැවැත්වේ.


අදහස් (0)

ලංකාවේ මංගල තරගාවලිය දෙසැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.