Last Update  :  2025-10-20 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොස් ටේලර් 8000 කඩයිම පසුකරයි

රොස් ටේලර් 8000 කඩයිම පසුකරයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට රොස් ටේලර් සමත්ව තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති තුන්වැනි තරගයේදී අර්ධ ශතකයක් (69) ලබාගත් රොස් ටේලර් ලකුණු 8026 ක් රැස්කරමින් පෙරමුණේ පසුවූ ස්ටීවන් ෆ්ලෙමින් (8007) පසුකර යෑමට සමත්විය.

ඒ අනුව නවසීලන්තය වෙනුවෙන් එක්දින ලකුණු 8000 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා විමටද රොස් ටේලර් සමත්විය.

තරග 218 කදී ඉනිම 203 කට ක්‍රීඩාකරමින් ශතක 20 ක් සහ අර්ධ ශතක 47 ක් ලබාගෙන ඇති රොස් ටේලර් එංගලන්තයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 181 ක ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

තමන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පසුකර ගිය රොස් ටේලර්ට ටුවිටර් පණිවිඩයක් මගින් සුබපැතිමට ස්ටීවන් ෆ්ලෙමින් අමතක නොකළේය.

 


අදහස් (0)

රොස් ටේලර් 8000 කඩයිම පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.