Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රූපවාහිනී විනිසුරු පාසල් රග්බි පිටියට බසී

රූපවාහිනී විනිසුරු පාසල් රග්බි පිටියට බසී

ශනුක අරවින්ද - 2017 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ සියලුම තරගවලට රූපවාහිනී විනිසුරුගේ සේවය ලබාදීමට තීරණය කර තිබේ. කුසලාන ශූරතා වටය ආරම්භ කරමින් පළමු තරගය ඉසිපතන විදුහල සහ මරදාන සහිරා විදුහල අතර අනිද්දා (27) කොළඹදී පැවැත්වීමට නියමිතය.

එම තීරණයත් සමඟ අවම වශයෙන් කුසලාන ශූරතා සහ පළඟ ශූරතා සියලුම තරගවලට රූපවාහිනී විනිසුරුගේ සේවය ලැබීමට නියමිතය. ශ්‍රී ලංකා විනිසුරු සංගමය සතුව රූපවාහිනී විනිසුරු සේවය ලබාදීමේ කට්ටල දෙකක් ඇති බවත් එකම දිනයේ තරග තුනක් පැවැත්වුණ හොත් ඉන් වඩාත් වැදගත් යැයි තීරණය කරන තරග දෙකට සේවය හිමිවේ.

පාසල් රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ අවම වශයෙන් තරග 20 කට පමණ රූපවාහිනී විනිසුරු සේවය ලාබදීමේ හැකියාව ඇති බවයි.

“මෙහිදී එක දිනයකට පළමු කොටසේ තරගයක් පමණක් යෙදී තිබුණ හොත් දෙවැනි අවස්ථාව දෙවැනි කොටසේ තරගයකට ලබා දෙනවා. රූපවාහිනී විනිසුරු සේවය ලැබෙන සෑම තරගයකම පාසල් දෙකට තරගයේ විඩියෝ පටයක් ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

එම සේවය ලබාදීමට වැය වන මුදල් ලබාදීමට පාසල් රග්බි සංගමයේ අනුග්‍රහකයා වන ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි.
දෙවැනි වටයේ සියලුම තරගවලට තරග අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු පත්කිරීමට පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.  


අදහස් (0)

රූපවාහිනී විනිසුරු පාසල් රග්බි පිටියට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.