
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී පැවැත්වෙන 5 වැනි අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පළමු දිනය වූ අද (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියේය.
පළමු දිනය නිමාවන විට ජෝ රූට් හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 72 ක්ද, හැරී බෘක් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 78 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 154 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රොව්ලි ලකුණු 16 ක් ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට මයිකල් නේසර් සමත් විය. සෙසු ආරම්භක පිතිකරුවා වූ බෙන් ඩුකට් ලකුණු 27 කට දැවී ගියේ මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමිනි.
ඩුකට්ගේ දැවී යෑමෙන් අනතුරුව එංගලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 6 ක් එක්වෙද්දී එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ජෙකොබ් බෙතෙල් පිටියෙන් ඉවත් කිරීමට ස්කොට් බෝලන්ඩ් සමත් විය. ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රීඩාගාරය බලා යන විට බෙතෙල් ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.
එංගලන්තය පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 211
(සැක් ක්‍රොව්ලි 16, බෙන් ඩුකට් 27, ජෝ රූට් නොදැවී 72, හැරී බෘක් නොදැවී 78)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.