Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුසියාව - උරුගුවේ අවසන් 16ට

රුසියාව - උරුගුවේ අවසන් 16ට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක රුසියාව ගෝල 3-0 කින් පරාජයට පත්කළ උරුුගුවේ කණ්ඩායම ‘ඒ ’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට අද (25) සමත් විය.

රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය, ආරම්භ වී විනාඩි 10 කට පසු උරුගුවේට ලබාදුන් දඬුවම් පහර සාර්ථක කරගත් ලුයිස් සුවාරිස් තරගය ආරම්භයේදීම උරුගුවේට ජයග්‍රහණයේ පාර කපා දුන්නේය.

නැවතත් විනාඩි 2ක් යාමට මත්තෙන් උරුගුවේ කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව පැමිණියත් රුසියාවේ දැල රකින ක්‍රීඩක ආකින්ෆිව් විසින් ආරක්ෂිතව පන්දුව ගෝල සීමාවෙන් පිටතට පන්දුව යැවීම නිසා රුසියාව එවරද නූලෙන් බේරිණි.

නැවතත් 23 වැනි මිනිත්තුවේදී උරුගුවේ ක්‍රීඩක ඩියාගෝ ලැක්සෝලට් දියත් කළ පහර රුසියානු ක්‍රීඩක ඩෙනිස් චෙරිශේව්ගේ පාදයේ වැදී සිය පන්දුව තමන්ගේම දැලවෙත පතිත වීම නිසා පළමු භාගය අවසානයේ ගෝල 2-0 කින් පෙරමුණ ගැනීමට උරුගුවේට හැකි විය.

රුසියානු ක්‍රීඩක ඉගෝර් ස්මොල්නිකෙවේට තරගයේ 36 වැනි මිනිත්තුවේදී විනිසුරුවරයා විසින් රතු කාඞ්පත නිකුත් කිරිම නිසා ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට රුසියාවට සිදුවිය.

නැවතත් 90 වැනි මිනිත්තුවේදී, උරුගුවේ ක්‍රීඩක ඩියෝගෝ ගොඩින් හිස තුළින් දැලවෙත යොමුකල පන්දුව රුසියානු දැල රකින්නාගේ කකුලෙහි වැදී නැවතත් ගෝල සීමාවෙන් පිටතට යෑමේදී කෙළින්ම පන්දුව නැවතත් දැලවෙත යොමු කළ එඩිසන් කැවානි ගෝලයක් වාර්තා කරමින් සත්කාරක රුසියාව ගෝල 3-0 කින් පරාජය කළේය. කණ්ඩායම් දෙකම අපරාජිතව තරගයට අවතීර්ණ වුවත්, මෙම ජයග්‍රහණයත් සමග උරුගුවේ කණ්ඩායමට ‘ඒ ’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය.  

රුසියාව ඊයේ තරගය පරාජයට පත්වුවද, අවසන් 16 වටයට උරුගුවේ කණ්ඩායම සමගින් සුදුසුකම් ලබා ගත්තේය. ඊජිප්තුවට එරෙහිව පැවැති තරගය ගෝල 2-1කින් පරාජයට පත්කිරීමට සෞදි අරාබිය සමත් වුවත් මෙවර තරගාවලියෙන් මෙම කණ්ඩායම් 2ටම පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

‘බී’ කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් උරුගුවේ කණ්ඩායම සෝචි ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා  16 දෙනාගේ වටයේ ආරම්භක තරගයට සහභාගි වනු ඇත. මෙම කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවන රුසියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම සමගින් ජූලි 1 වැනිදා පිළිමළුන් පිටු දැකීමේ වටයේදී තරග වැදීමට නියමිතය.

 

- 024

 


අදහස් (0)

රුසියාව - උරුගුවේ අවසන් 16ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.