Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිචඩ් - රමේෂ් එළියට සුධාරක - දිනූප ඇතුළට
ආසියානු සත් සාමාජික රග්බි

රිචඩ් - රමේෂ් එළියට සුධාරක - දිනූප ඇතුළට

editorial - 2022 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබාහිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට සුධාරක දික්කුඹුර සහ දිනූප සෙනෙවිරත්න ඇතුළත් කිරීමට අශෝක ජයසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දකුණු කොරියාවේ ඉන්චෝන් නුවරදී පැවැති දෙවැනි අදිරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රිචඩ් ධර්මපාලට සහ රමේෂ් ප්‍රනාන්දුට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවී ඇත. සුදාරක සහ දිනූප කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ රිචඩ් සහ රමේෂ් වෙනුවටය.

1998 වසරේ සිටි 2003 වසර දක්වා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ අශෝක ජයසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවට රෙහාන් අබේකෝන්, ලෙස්ලි ද සිල්වා, හේමන්ත යටවර සහ කපිල නෝල්ටන් යන මහත්වරු ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුකර ඇති වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේ ක්‍රීඩකයන්ගේ දස්කම් පදනම් කරගෙන එම වෙනස්කම් සිදුකළ බවය. දකුණු කොරියාවේදී පැවැති දෙවැනි අදියරේදී බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනකුට කණ්ඩායමේ ස්ථාන අහිමි වූ බවද එහිදී ඔහු සඳහන් කළේය.

“ලැබුණ අවස්ථාවන් වලදි ආකාෂ් මධුසංක හොඳින් දස්කම් දැක්වූවා. අවසන් වරට පැවැති ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ධනුෂ්ක දාබරේත් මේ වන විට දස්කම් අතර හුඟක් ඉදිරියෙන් ඉන්නවා. නවකයන්ගේ දක්ෂතා අපිට ඉතාමත් වැඳගත්. ඒ නිසා මෙම තරගාවලියෙදිත් ඔවුන් දෙදෙනාව සංචිතයේ රඳවාගැනීමට අපි තීරණය කළා.” යැයිද ජයසේන මහතා කියා සිටියේය.

“කණ්ඩායම ඩුබායි බලා පිටත්ව වෙන්න කළින් පෙර ගනේමුල්ල, යුද හමුදා කඳවුරේදී පුහුණු සැසියකට සහභාගි වුණා. දකුණු කොරියාවේ සිට පැමිණීමෙන් දිනකට පසුව පසුගිය බ්‍රහස්පතින්දා (17 වැනිදා) අපි පුහුණුවීම් ආරම්භ කළා. එහිදී හොඳ පුහුණු සැසි කිහිපයක් පැවැත්වීමට අපිට හැකි වුණා. මෙවර අපේ ඉලක්කය වෙන්නෙ දෙවැනි හෝ තෙවැනි ස්ථානයයි. ඒ සඳහා හොඳම සංචිතය අපි තෝරාගෙන තිබෙනවා.” යැයිද ජයසේන මහතා පැවසීය.


ශ්‍රී ලංකා පිරිමි සංචිතය
ශ්‍රීනාත් සූර්යබණ්ඩාර (නායක), චතුර සෙනෙවිරත්න, අංජුල හෙට්ටිආරච්චි, අදීෂ වීරතුංග, තරින්ද රත්වත්තේ, මිතුන් හපුගොඩ, කවිඳු පෙරේරා, ආකාෂ් මදුසංක, ධනුෂ්ක දාබරේ, නයිජල් රත්වත්තේ, දිනූප සෙනෙවිරත්න සහ සුධාරක දික්කුඹුර

 


අදහස් (0)

රිචඩ් - රමේෂ් එළියට සුධාරක - දිනූප ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.