Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනි

රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 26 ක් නිමා වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තරග 8 කට සහභාගී වී ලකුණු 11 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් පිල සමත් වී තිබේ.
 
එහි දෙවැනි ස්ථානය ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් පිලටත්, තෙවැනි ස්ථානය ලකුණු 7 ක් ලබා සිටින කොල්කටා නයිට්රයිඩර්ස් පිලටත් හිමිව ඇති අතර මේ වන විට දෙපිලම තරග 6 කට සහභාගී වී තිබේ.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට රාජස්ථාන් රෝයල්ස් පිලේ අජන්ක්‍යා රහනේ පත්ව ඇති අතර අර්ධ ශතක 3 ක් සමගින් මෙතෙක් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 323 කි. චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 76 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 53.83 ක් ලෙස සඳහන්වේ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් (ලකුණු 259) සහ මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා (ලකුණු 244) වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් පිලේ දඟ පන්දුයවන කී‍්‍රඩක ඉම්රාන් තාහීර් සමත් වී ඇති අතර මෙතෙක් ඔහු දවාගෙන තිබෙන කඩුලූ සංඛ්‍යාව 13 කි. රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 15.76 ක් ලෙස දැක්වේ.

චෙන්නායි සුපර් කිංග්ස් පිලේ අශීෂ් නෙහෙරා (කඩුලූ 12) වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර රෝයල් චැලෙන්ජර්ස් පිලේ යස්වින්දර් චාහල් සහ මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග කඩුලූ 10 බැගින් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙති.

 

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු
රාජස්ථාන් රෝයල්ස් 8 5 2 1 11
චෙන්නායි සුපර් කිංග්ස් 6 5 1 0 10
කොල්කටා නයිට්රයිඩර්ස් 6 3 2 1 7
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  6 3 3 0 6
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 7 3 4 0 6
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 6 2 4 0 4
මුම්බායි ඉන්දියන්ස් 7 2 5 0 4
කිංග්ස් XI පන්ජාබ්  6 2 4 0 4

 


- 036

 


අදහස් (0)

රාජස්ථාන් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.