
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලිගයේ පළමු කොටසේ සුපිරි වටය ආරම්භ කරමින් ඊයේ (6 වැනිදා) පැවැති තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 21-16 ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 09-07 ලෙස වෙස්ලි ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී දඬුවම් පහර 3 ක් සමගින් වෙස්ලි විදුහල ලකුණු රැස්කළ අතර රාජකීය විදුහල ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සමගිනි.
දෙවැනි අර්ධයේදී වෙස්ලි විදුහල ගෝල දිනුමක් මගින් ලකුණු ලබාගනිද්දී, රාජකීයෝ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළහ. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 21-16 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට රාජකීයයෝ සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.