Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) පැවැති තරගයකදී කින්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 28-24 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-07 ක් ලෙස කින්ස්වුඩ් විදුහල පෙරමුණ ගත්තේය. එහිදී කින්ස්වුඩ් විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද, රාජකීයයෝ ගෝල දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීය විදුහල ගෝල දිනුම් 3 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 21 ක් එක්කර ගනිමින්, තරගයේ ජය තමන් සතුකර ගත්තේය. කින්ස්වුඩ් විදුහලට ගෝල දිනුමක් මගින් දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
කොළඹ ඩී.එස්. සේනානයක විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පෙරේදා (25 වැනිදා) පැවැති මූලික වටයේ තරගය ජයගත් ඩී.එස්. සේනානයක විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී රාජකීය විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 4 වැනිදා පස්වරු 4.15 ට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.