Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ඩ්‍රි රසල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 14.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඔන්ඩ්‍රි රසල් පන්දු 31 කින් නොදැවී ලකුණු 70 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
සෑම් බිලින්ස් (නොදැවී 24) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 90 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද රසල් සමත් විය. පන්දු 23 කදී වාර්තා වූ බිලින්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 15 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 26 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 137 ක් ලබාගත්තේය. පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ භානුක රාජපක්ෂ පන්දු 9 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග වේගවත් ලකුණු 31 ක් රැස්කළේය. සිවුවැනි ඕවරයේදී පන්ජාබ් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල බවට පත්වෙමින් භානුක දැවී ගියේ ශිවම් මාවිගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමිනි.
පන්ජාබ් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 16 කට මුහුණදුන් කගිසෝ රබාඩා පන්දු 16 කින් ලකුණු 25 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ශිකර් ධවාන් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 16 ක්ද, ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද රැස්කළහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදව් නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. පන්ජාබ් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා යාදව්ට අනගි සහායක් දුන් ටිම් සවුති ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත්තේය. ඔන්ඩි්‍ර රසල්, සුනිල් නරේන් සහ ශිවම් මාවි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 137
(ශිකර් ධවාන් 16, භානුක රාජපක්ෂ 31, ලයැම් ලිවිංග්ස්ටන් 19, හර්ප්‍රීත් බ්‍රාර් 14, කගිසෝ රබාඩා 25, උමේෂ් යාදව් 23/4, ටිම් සවුති 36/2)
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම - ඕවර 14.3 කදී කඩුලු 4 ක් දැවී 141
(ශ්‍රෙයාස් අයියර් 26, සෑම් බිලින්ස් නොදැවී 24, ඔන්ඩ්‍රි රසල් නොදැවී 70, රාහුල් චාහර් 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.