Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රවීලා දෙන්නා ඕස්ට්‍රේලියාව අමාරුවේ දමති
නාගපූර් ටෙස්ට් තරගය

රවීලා දෙන්නා ඕස්ට්‍රේලියාව අමාරුවේ දමති

editorial - 2023 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස හයකට පසුව ටෙස්ට් පිටියට පිවිසි රවීන්ද්‍ර ජදේජාගේ පන්දු යැවීම හමුවේ අමාරුවේ වැටුණු ඕස්ට්‍රේලියානුවෝ නාග්පූර් නුවරදී අද (09 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 177 කට දැවී ගියහ. වමතින් දඟ පන්දු යවන ජදේජා ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගත් හෙයින් කඩුලු 2 කට 84 ක් ව තිබූ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 5 කට 109 ක් ලෙසින් වෙනස් විය. පිට දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 ක් දවාගත් අතර දඟ පන්දු යවන්නන් දෙදෙනා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව 8 කි. 

දිනය අවසන් වන විට ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 77 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ නායක රෝහිත් ෂර්මා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 76 කි. 

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩේවිඩ් වෝනර් (01) සහ උස්මන් කවාජා (01) දෙදෙනම ලකුණු 02 ක් තුළ පිටියෙන් ඉවත් වූ නමුත් ස්ටීවන් ස්මිත් සහ මානස් ලැබුෂේන් එක්ව ලකුණු සංඛ්‍යාව 84 ක් දක්ව ඉහළ දැමූහ. එහෙත් ජදේජා හමුවේ ස්මිත් සහ ලැබුෂේන් දෙදෙනාම දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානුවෝ අමාරුවේ වැටුණහ. 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 177 යි
(මානස් ලැබුෂේන් 49, ස්ටීවන් ස්මිත් 37, පීටර් හැන්ස්කොම්බ් 31, ඇලෙක්ස් කේරි 36, රවීන්ද්‍ර ජදේජා 47/5, රවිචන්ද්‍රන් අශ්වින් 42/3)

ඉන්දියාව - පළමු ඉනිම කඩුල්ලක් දැවී 77 යි
(රෝහිත් ෂර්මා නොදැවී 56, ලෝකේෂ් රාහුල් 20)

-213


අදහස් (0)

රවීලා දෙන්නා ඕස්ට්‍රේලියාව අමාරුවේ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.