Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි ක්‍රීඩාවට ස්ථාවරකරණ කමිටුවක්

රග්බි ක්‍රීඩාවට ස්ථාවරකරණ කමිටුවක්

editorial - 2023 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චූලා ධර්මදාස මහතා ස්ථාවරකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් පත්වීමේ ලිපිය ලබාගත් අයුරු...

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් මෙටර රග්බි ක්‍රීඩාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා සාමාජිකයන් 9 දෙනකුගෙන් සමන්විත ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇත. ඔහු මෙම පියවර ගෙන ඇත්තේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32(ආ)  සහ 33 යන වගන්ති යටතේ ඔහුට පැවරී ඇති බලතලවලට අනුවය.

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කර පසු කළෙක ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වයද දැරූ චූලා ධර්මදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස ජානාධිපති උපදේශක ශානක රණසිංහ මහතාද, භාණ්ඩාගාරිකවරයා ලෙස තුසිත පීරිස් මහතාද කටයුතු කරති. දමිත් විතාරණගේ, කිෂාන් මුසාෆර්, සවන්ත ද සේරම්, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ සුනිල් රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිතී සහ ජාත්‍යන්තර රග්බි සම්මේලනවල (ආසියානු සහ ලෝක) නියෝග නොතකා කටයුතු කිරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මාස 6 ක කාල සීමාවක් සඳහා පත්කර ඇති මෙම ස්ථාවරකරණ කමිටුවට එම කාල සීමාව තුළ මෙරට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගැනීමේ නිත්‍යානුකූල බලය පැවරීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

රග්බි ව්‍යවස්ථාව සංශෝධනය කර ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයකට සකස් කිරීම, ඒ තුළින් පරිපාලන කටයුතු නැවත ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්ත තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම, පළාත් 9 හිම රග්බි ක්‍රීඩාව ප්‍රචලත කිරීම සහ දියුණු කිරීම මෙන්ම නව ව්‍යවස්ථාවකට අනුව නිලවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම ස්ථාවරකරණ කමිටුවට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් බවට පත්ව තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (12 වැනිදා) පැවැති හමුවකදී මෙම කමිටුව නිල වශයෙන් නම් කර ඔවුන්ට පත්වීම් ප්‍රධානය කළ අතර ඒ සඳහා කමිටුවට ඇතුළත්ව සිටින නිලධාරීන් 9 දෙනාගෙන් 6 දෙනෙක් එක්ව සිටියහ. සෙසු නිලධාරීන් තිදෙනා මේ වන විට විදෙස්ගතව සිටින බැවින් එම අවස්ථාවට සහභාගි නොවූහ. ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාතංශයේ ලේකම් කේ. මහේෂන්, අමාතංශ උපදේශක සුදත් චන්ද්‍රසේකර, වැඩ බලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.


අදහස් (0)

රග්බි ක්‍රීඩාවට ස්ථාවරකරණ කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.