Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නීත්‍යානුකූල භාවය තාවකාළිකව අහෝසි කර ඇතැයි ආසියානු රග්බි සංගමය කියයි. තායිලන්තයේ ෆූකේත් නුවරදී පැවැති ආසියානු රග්බි සංගමයේ විධායක කමිටු රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් නිගමනයකට එළඹ තිබේ.
“ආසියානු රග්බි ආයතනයේ රෙගුලාසි අනුව, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තවදුරටත් පිළිගත හැකි මට්ටමේ පවතින්නක් නොවන පදනම මත, නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන බව ආසියානු රග්බි විධායක කමිටුව නිගමනය කළේය. ආසියානු රග්බි ආයතනයට අයත් බල ප්‍රදේශයේ රග්බි ආශ්‍රිත කටයුතු සංවිධානය කිරීම සඳහා සම්පූර්ණ වගකීම දැරීමට, එසේත් නැතිනම් තවදුරටත් එහි ව්‍යවස්ථාපිත හා නියාමන රාජකාරි නිසි ආකාරයෙන් ඉටු කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයට හැකියාවක් නැත” යන්න ආසියානු රග්බි ආයතනයේ නිගමනය වී තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් අප්‍රේල් මස 01 වැනිදා, විශේෂ ගැසට් පත්‍රයකින්, ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය හෙවත් නීත්‍යානුකූල භාවය අවලංගු කරන ලදි. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව විසින් අප්‍රේල් 08 වැනිදා නිකුත් කරන ලද ලිපියකින් කියැවුණේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙන්ම ආසියනු ඔලිම්පික් කමිටුවත් පිළිගන්නා එකම ආයතනය වන්නේ ‘ශ්‍රී ලංකා රග්බි’ ආයතනය බවයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා විසින් එම ලිපියට අත්සන් තබනු ලැබ ඇත. ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට, ආසියානු ඔලිම්පික් කමිටුවට, ලෝක රග්බි ආයතනයේ සභාපතිවරයාට, ආසියානු රග්බි ආයතනයේ සභාපතිවරයාට, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද රග්බි ක්‍රීඩාවේ නිසි බලධාරියා වන - ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාට ද යවනු ලැබ තිබේ.
(කලකට ඉහතදී මේ සෑම පාලක මණ්ඩලයක්ම ‘සංගමය’ නොහොත් ‘සම්මේලනය’ ලෙසින් හඳුන්වන ලද නමුත් වර්තමානයේදී පවතින ව්‍යාපාරික අවශ්‍යතා හේතුවෙන් ඒවායින් ‘සංගමය’ නැතහොත් ‘සම්මේලනය’ යන්න අතහැර දමා තිබේ. කලකට ඉහත අන්තර්ජාතික රග්බි මණ්ඩලය (IRB) ලෙසින් හඳුන්වන ලද රග්බි ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලක මණ්ඩලය මේ වන විට හඳුන්වනු ලබන්නේත් ලෝක රග්බි (WR) ආයතනය ලෙසිනි.
මේ අතර, අප්‍රේල් මස 08 වැනිදාම, ලෝක රග්බි ආයතනයේ ආසියානු කලාපීය සම්බන්ධීකරණ කළමණාකරු රිද්සාල් සාත් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හම්සා හිදයාතුල්ලා මහතා වෙත ලිඛිතව දන්වනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා රග්බි ආයතනය තවදුරටත් ලෝක රග්බි ආයතනයේ සාමාජිකත්වය දරන බවයි. ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සිදුවන ලිපි හුවමාරුව පිළිබඳව ලෝක රග්බි ආයතනය දැනුවත්ව සිටින බවත් ඉදිරියේදී ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් දැනුම් දීමට පිවයවර ගන්නා ලෙසත් ලෝක රග්බි ආයතනය, ශ්‍රී ලංකා රග්බි ආයතනයන් ඉල්ලා තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවෙන් මෙන්ම ලෝක රග්බි ආයතනයෙන්ද ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද නිසි බලධාරියා නොව, ව්‍යවස්ථාපිතව ශ්‍රී ලංකා රග්බි ආයතනය පිළිගනු ලැබ තිබියදීත්, ආසියානු රග්බි ආයතනය විසින් කරන ලද ප්‍රකාශය අදහාගත නොහැකි බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කියයි.
මේ අතර ආසියානු ඔලිම්පික් කමිටුවේත්, ආසියානු රග්බි ආයතනයේත් නියෝජිත පිරිසක් අප්‍රේල් 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ රග්බි ක්‍රීඩාවේ පාර්ශ්වකරුවන් හමුවීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කීවේ මෙවැන්නකි.
“මෙතන මොකක් හරි හැංගුණ දෙයක් තියෙනවා. ශ්‍රී ලංකා රග්බි ආයතනයට, එහි කටයුතු පවත්වාගෙන යාමට ඉඩ නොදෙන තත්ත්වයක් වගේම හේතුවක් නොමැතිව එහි සාමාජිකත්වය අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ විමර්ශනයක් වත් කරලා නෙමේ. අනෙක රග්බි සඳහා වෙනත් අනුග්‍රාහකයෙකු ගෙන්වා ගැනීමේ උත්සාහයකුත් පෙන්න තියෙනවා”
“මේක හරිම ප්‍රශ්නකාරී තත්ත්වයක්. මේ තත්ත්වය ක්‍රීඩාවට වගේම එහි නියැළෙන ක්‍රීඩකයන්ටත්, පුහුණුකරුවන්ටත් හානියක්” යයි කී ඉල්ලියාස් මහතා...
“මේක දුරදිග ගියොත් අපට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය විතරක් නෙමේ ආසියානු ක්‍රීඩා උළෙලත් නැතිවෙන්න පුළුවන්” යයිද පැවසීය.
1998 සිටම, ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වලදී තමන්ට හිමි ස්ථානය වෙන්කරවා ගත්තේය.
Sunil Monday, 18 April 2022 02:33 PM
මේ ඔක්කොම අවුල හිටපු ඇමැතිගේ වැඩ නිසයි. මේ වෙලාවේ හරි තොලොංචි වුණු එක නම් අපේ වාසනාව තමයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.